IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දඹරන් පිලිම කොල්ලය වරදී

 (හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි )

කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක්  ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගිනි අවි පැහැර ගෙන  පිළිමය සොරා  ගැනිමට කල උත්සහය ගම්වාසින් විසින් වලකා කොල්ලකරුවන් දෙදෙනෙකු අල්ලා  සාලියවැව පොලිසියට භාර දී ඇති බව පොලිසිය කියයි.

වැන් රථයකින් පැමිනි කොල්ලකරුවන් අද( 17 ) අලුයම රජමහා විහාරස්ථාන භුමියට කඩා වැදි ඇති අතර එසේ පැමිණි කොල්ල කරුවන් දඹ රන් පිළිමය තැම්පත් කර ඇති ආරක්ෂීත ධාතු මන්දිරයට  කඩා වැදි එහි ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක නියාමකයින්ට පලමුව  පහර දි ගිනි අවි පැහැර ඇති බව කියයි.

කොල්ලකරුවන් දඹ රන් පිළිමය පැහැර ගැනිමට සුදානම් වනවාත් සමග  සිවිල් ආරක්ෂක නියාමකයින් මහ හඩින් කෑ ගසා ඇති බව කියයි.

එම කෑගැසිමේන් අවදි වු විහාරස්ථානයෙ රැදි සිටි හිමිවරුන් හා අනෙක් පිරිස් සමග  ගම්වැසියන් කඩිනමින් ක්‍රියාත්මක වී ඇති බව කියයි.

ඒ සමගම කොල්ලකරුවන් පැමිනි වෑන් රථය පලා ගොස් තිබු අතර විහාරස්ථානයට කඩා වැදි සිටි කොල්ලකරුවන් තිදෙනාගෙන් එක් අයකු දැඩි ප්‍රයත්නයක් දරා අල්ලා ගත් නමුත් දෙදෙනෙකු පලා ගොස් තිබු බව කියයි.

කෙසේ නමුත් එසේ පලා ගිය කොල්ලකරුවන් සොයා 17 අලුයම සිට ගම්වාසින් සාලියවැව පොලිස් නිළධාරීන් සමග එක්වි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පලා ගොස් නිවසක සැගවි සිට යතුරු පැදියකින් යාමට සුදානම් වු තවත් කොල්ලකරුවෙකු ගම්වාසින් අල්ලා ගෙන පොලිසියට භාර දි තිබුනී.



අදහස් (2)

දඹරන් පිලිම කොල්ලය වරදී

Prabha Tuesday, 17 September 2024 03:26 PM

දබ රත්තරං කියන්නේ තනි පිරිසිදු රත්තරන්ද?

:       1       1

[email protected]Tuesday, 17 September 2024 06:09 PM

නෑ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site