IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


දමිළ සංවිධාන හයක තහනම ඉවත් කළ හේතුව

(ඩයනා උදයංගනී)

දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කර ඇත්තේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොව ජාත්‍යන්තර ප්‍රඥප්තීන් අනුව ගත යුතු පියවරක් ලෙසින් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ විධි විධානවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය මගින් ත්‍රස්තවාදී සහ ත්‍රස්තවාදී නොවන සංවිධාන ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කිරීම හා ඉවත් කිරීම සිදුකරන බවත්, ඒ අනුව පසුගිය කාලය තුළ තහනම් කර තිබුණු ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කිරීමට දතීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අඛණ්ඩ අධ්‍යයන සිදුකර එහිදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව මෙම සංවිධානවල තහනම ඉවත් කර ඇති බවත්, අන්තර්ජාතික හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට ගරු කිරීමක් ලෙස සිදුකර ඇති බවත් ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධිකරණ කමිටුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය හා බි්‍රතාන්‍ය දෙමළ සංසදය යන සංවිධානවල තහනම එලෙස ඉවත් කිරීම මෙන්ම සංවිධාන තුනත් අලුතින් අසාධුලේඛනගත කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

ධාරූල් අධර් කුරාන් මද්‍රසා, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමට හා සේව් ද පර්ල් යන සංවිධාන මෙලෙස අලුතින් අසාධුලේඛනගත කර ඇත.



අදහස් (5)

දමිළ සංවිධාන හයක තහනම ඉවත් කළ හේතුව

ඇත්ත Tuesday, 16 August 2022 03:14 PM

මොකද බෙදිච්ච උදාසීන සිංහළයට වඩා එකමුතු දෙමළ අය දන්නවා ඔක්කොම දෙමළ සංවිධාන එකතුවෙලා රට ගොඩ දාලා ප්‍රභාකරන් විරුවගෙ සිහිනය සැබෑ කරගන්න පුලුවන් බව...!!

:       5       15

sweneTuesday, 16 August 2022 04:13 PM

ප්‍රභාකරන් ඉඳිද්දී උතුරේ කැලෑ ඉතුරුවුණා. නීතියක් තිබුණා කියලා ඉස්සරහට කියන්න ඔය කට්ටිය මැලිවෙන එකක් නැහැ බලය අල්ලන්න. මිනිස්සු උසි ගැන්වීම දැන්වත් නවත්වන්න.

:       0       0

BamunuarachchiWednesday, 17 August 2022 09:46 PM

එක මේ රනිල් ඇතුළු සිංහලයෝ දන්නේ නැහැ.

:       0       0

fairoos Tuesday, 16 August 2022 04:45 PM

කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවලු. Qatar Charity එකටත් ඕකමනේ උනේ.

:       1       15

මහසෙන් Wednesday, 17 August 2022 09:11 AM

මේ එන්නේ NGOවලින් මෙහෙයවන ලද 'අරගලයේ' සුළං රැලි. තව වසරක් දෙකක් ගතවන විට හොඳ හොඳ කුනාටු දකින්නට හැකි වේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site