
(ගයාන් සූරිය ආරච්චි සහ රොමේෂ් මධුෂංක)
දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ ඕනෑම දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව මහතා පැවසීය.
විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ද්‍රවිඩ ජාතිකයන්ට සෘජුවම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෙම පහසුකම සලසා දී ඇති බව නිහාල් තල්දූව මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ "ඕනෑම ගැටළුවක් දෙමළ භාෂාවෙන්" පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව 1948 Feb. 4 නිදහස ලබාගැනීමෙන් සතියක් තුළ සිදුවිය යුතු මූලික අවශ්‍යතාවයන් සිදු නොවීම නිසා රට තුල යුද්ධයන් පවා ඇතිවිය. වසර 76ක් තුළ ආණ්ඩු කොපමණ පත් වුවත්, ද්‍රවිඩ දේශපාලකයින් පත්ව සිටියන් ද්‍රවිඩ පොලිස්පතිවරයකු පවා සිට ඇත.
මෙය දෙමළ ජනතාවට විශාල සහනයක් වනු ඇත. ක්‍රියාව අගය කරමි.
මොනවද විකාර? දෙමළ භාෂාවෙන් ද්‍රවිඩ ජාතිකයින්ට සෘජුවම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට අංකයක් දීලා, විස්තර සිංහලෙන් දාලා? කරන්න ඕනෑ ඔය වගේ ඔලමොට්ටල වැඩ නෙමෙයි, හැම අංකයකටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාව තෝරාගැනීමට පහසුකම් සැලසීමයි. දැන් විදේශිකයෙක්ට පැමිණිලි කරන්න ඕනෑවුණාම කාටද කතාකරන්න ඕනෑ...? මොළේ කළඳක් හෝ පහළ වේවායි පතමු.