
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බව කොළඹ ජානකී හෝටලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් මත මෙම තීරණය ගත් බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. වේලුකුමාර්, එම්. උදයකුමාර් ඇතුළු පිරිසක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියනොගෙන් ආයුධයි , සල්ලියි අරන් තියෙන නිසා කොටියා කොහොමත් පුතානොට
තමන්ගේ සාක්කුවට කීයක් වැටෙනවද කියන මානසිකත්වයෙන් මිසක තමන්ගේ ජනතාව ගැන නොහිතා දේශපාලන කෙරුවා ඔයගොල්ලෝ හැමදාම හිටියේ ජාතිවාදය ආගම්වාදය කරපින්නාගෙන හිටිය සහ දූෂණයේ කප්පිත්තෝ සමගයි, ඒ නිසා ඔහෙලා නැතුව අපිට දමිල ජනතාව සමඟ මේ ගේම ගහන්න පුළුවන් !
කොහොමත් මේ අය සිටියෙ ඔතන තමයි. හැබැයි සාමාන්‍ය දෙමළ ජනතාව, තරුණ කොටස් ඔහෙලට මේ පාර රැවටෙන්නෙ නැහැ. ඒ අය නව පුනරුදයක් සොයාගෙන එනව, මෙතෙක් කල් තමුන්ල කල දෙයක් නැහැ.
සජිත් කම්කරුවො වතු අයිතිකාරයො කරනව කියනඑකට රැවටෙන අය නැහැ හොඳද?
නමින් දමිළ ප්‍රගතිශීලී වුණාට එයාලගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.