(අංජුල මහික වීරරත්න)
වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වතුකරයේ ආදායමෙන් තුනෙන් එකකට වඩා දායකත්වය ලබා දෙන කඳුරට දෙමළ ප්‍රජාවේ ප්‍රථම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් 2023 පෙබරවාරි මස මෙම වැඩසටහන් මාලාව පැවැත්වීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීමට මෙලෙස කඩිනම් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
මීට වසර දෙසීයකට පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ උඩරට දෙමළ ජනතාවගේ සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කිරීමට අපේක්ෂා කරයි.
150,000 කට අධික උඩරට දෙමළ වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් ආශ්‍රිතව පදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද ඔවුන්ගෙන් සැළකිය යුතු දායකත්වයක් හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය වියයුතු දෙයක්
එය සත්‍යක්. අපි මෙතෙක් ඔවුන්ට සලකුවේ නහ. චන්දය ගන්න පමනක් ඔවුන්ව පාවිච්චි කලා
සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අහෝසි කරලා ජේ.ආර්. වතුකරයේ ඡන්ද ලක්ෂ 5ක් හදාගෙන බලය ගත්තේ රටට ආදරෙන් නෙමෙයි කියලා නොදන්නේ කවුද? දෙමළ ජනතාවගේ ඡන්දටික අල්ලගන්න පින්බත් කන අයට ජනාධිපතිට මේ මල් හතේ අදහස දුන්නේ කවුද? ඒ මිනිස්සුන්ට උත්සව තියලා අගය කරන්න නෙවෙයි. එයාලගේ මූලික පහසුකම් ටික හරියට දීලා හිටියා නම් හොඳටම ඇති... මේ බොරු සෝබනවලට නම් මොවුන්ට සල්ලි විසිකරන්න පුළුවන්...!
නුවරඑළිය යන කෙනෙකු මෙය නිරන්තරයෙන්ම දකින දෙයකි! වතුකරයේ අය එම වැඩය කරන නිසා නේද අපිට "තේ" කියලා දෙයක් තියෙන්නේ.. නැතිනම් ඒකත් පිටරටින් එනකම් බලාගෙන ඉඳියි... මෙතැනදී ගාමිණී දිසානායක තුමා වතුකරයේ අයට එදා කල සේවාවත් සඳහන් කළ යුතුය... අද එතුමගෙ පුතා නවීන් දිසානායක එලෙසම ඒ අයට උදව් කරයි... රනිල් අභියෝග බාර අරගෙන ජාතිය ආගම නොබලා රට යහපත් තත්වයකට පත්කිරීමට යොමුවීම කෙතරම් සතුටට කරුණක්ද..!
කෝ දේශප්‍රේමියෝ...? මම කියන්නේ රතු අය නෙවෙයි..., 2019 දීපු අය...
උතුරු, නැගෙනහිරට දේශපාලන විසඳුමක්... වතුකරයට ඇගැයීමක්... ඊළඟට ඡන්දයක්.. ඉතින් අපි...