
(විමුක්ති එස් රුද්‍රිගු)
කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයක් සෑදීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. ඊට මුල්ගල් තැබීම පසුගිය දා සිසුව තිබේ.
දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකය සෑදීම සඳහා බ්‍රැම්ප්ටන් නගර සභාව නගරයේ ප්‍රධාන උද්‍යානයක් වන චින්ග්කෝසි උද්‍යානය තෝරාගෙන ඇත. බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් සහ නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් මංගල පස් පිඩැල්ල ඉවත් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.
එම අවස්ථාවට එකතු වෙමින් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් මහතා පවසා සිටියේ දෙමළ ජන සංහාර දිනයේදී ජීවිත අහිමි වූ දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සිහිවීම සඳහා මෙම ස්මාරකය ඉදිකරන බවත් එම ජීවිත කෙදිනකවත් අමතක නොකරන බවත්ය.මෙම ස්මාරකය ඉදිකිරිම තුළින් කැනඩාව තම දෙමළ ප්‍රජාව සමඟ පවතින මිත්‍රත්වය පිළිබිඹු කරන බව පැට්‍රික් බ්‍රවුන් මහතා එහිදී පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාවේ ඉන්න මේ සුද්දන්ට මතක නැහැ ඔවුන්ගේ මහ අය දේශීය මිනිස්සුන්ව ජනසංහාරයක් කළේ කොහොමද කියලා... මේ අය කලිසම් නැතිව ඇඳුම් නැතිව මුල්ගල තිබ්බා නම් මීට වඩා හොඳයි. හැබැයි මම ඒකෙන් කියන්නේ නැහැ සිංහලයා හොඳයි කියලා. සිංහලයාට කෙළවෙලා ජාතියයි, ආගමයි ඔලුව උඩ තියාගෙන බූරුවන්ගේ පස්සේ යන හින්දා...
හොඳ වැඩක්. කරුණාකර ඉතිරි දෙමළ ජනතාව ශ්‍රී ලංකාවෙන් කැනඩාවට රැගෙන එන්න
බොරුවට කිඹුල් කඳුළු හෙලන මොවුන් මෙයා අවන්කවම කරනා ක්‍රියාවක නම් නොවෙයි .චන්ද ටික තමන්ගේ පැත්තේ තියා ගන්න කරන උප්පරවැට්ටියක්
ජන සංහාරයකට ලක්වුණේ දෙමළ ජනතාව විතරද? මායිම් ගම්මාන වලසිටි, වන්දනා කරමින් සිටි, තම තමන්ගේ එදිනෙදා වැඩවල නිරතව සිටි අහිංසක සිවිල් වැසියන් සහ භික්ෂූන් වහන්සේලාගේ ඝාතන ගැන කිසිවෙකුට හැඟීමක් නැද්ද? ඒ වගේම කොටි ත්‍රස්තවාදීන් අවසන් මොහොතේ අහිංසක දෙමළ සිවිල් වැසියන් පලිහක් කර ගනිමින් ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීම ගැන කාටවත් ගැටළුවක් නැද්ද?
ඔහොමම වැළලෙන්න වලවල් හාරගෙන... වාසියට කහින කිඹුල්ලු...
මේ සෙට් එක ලැහැස්ති වෙන්නේ දෙමළුන්ගේ වල කපන්න වගේ. අඩි දහයක්වත් කපන්න අපිට ඔවුන් ෂුවර් නැහැ...!