
(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු සමග ඊයේ සහ අද (18) යන දෙදින පැය 12 ක කාළයක් තුළ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
ඔවුන් සියලු දෙනාම ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොග රැගෙන විත් තිබීම ද විශේෂත්වයකි .
ඒ අනුව 18 දින අලුයම 01.20 ට ඩුබායි සිට , ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.-569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ගුවන් මගී කාන්තාවක් සහ රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ගුවන් මගී තරුණයෙකු ද සිය ගමන් මලු තුළ සගවා ගෙන , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 68,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 340 ක් රැගෙන විත් තිබුණි .
17 දින පස්වරු 01.20 ට සහ පස්වරු 05.10 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි සහ ෆිට්ස් එයාර් ගුවන් සේවා යානා වලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 35 හැවිරිදි වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි ගුවන් මගියෙකු සහ 51 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් විදේශීය නිෂ්පාදිත
දුම්වැටි 33,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 165 ක් සිය ගමන් මලු තුළ සගවා ගෙන පැමිණ තිබුණි .රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 101,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 505 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කර තිබුණි .
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්වැටි සමඟ සිව් දෙනකු ගුවන්තොටේදී හසුවෙයි