(මහින්ද නිශ්ශංක)

පෙරදින අඩපණ වූ ඉන්ධන ප්‍රවාහන කටයුතු අද සවස්වන විට සාමාන්‍ය පරිදි සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ලංකා ඛනිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ සහ අද පෙරවරුවේ ඉන්ධන ප්‍රවාහන දුම්රිය කීපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කටුනායක ගුවන්තොටුපොළට, අනුරාධපුරයට සහ පේරාදෙණියට යාමට නියමිතව තිබූ දුම්රිය එසේ අවලංගු වී ඇත.