(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව 2022 වසරේදී රුපියල් කෝටි 1240ක මෙහෙයුම් අලාභයක් වාර්ථාකර තිබේ.
දුම්රිය දෙපාර්තුමේන්තුව ඉකුත් 2021 වසරේදී වාර්ථා කළ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 1030ක් වූ අතර 2022 වසරේදී එම අලාභය රුපියල් කෝටි 210න් ඉහළ යාම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ 2022 වසරේ ආදායම රුපියල් කෝටි 1110ක් වූ අතර එය 2021 වසරේ ආදායමට සාපේක්ෂව රුපියල් කෝටි 840න් ඉහළ ගොස් තිබිණ.
ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සහ පුනරාවර්තන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2022 වසරේදී දුම්රිය දෙපාර්තුමේන්තුවේ සමස්ත වියදම රුපියල් කෝටි 4250ක් ලෙස සටහන්ව තිබිණ.
මෙම තොරතුරු අනාවරණය වන්නේ 2022 වසර සඳහා ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ වාර්ෂික වාර්ථාවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රියට කෝටි 1240ක පාඩුවක්
Sunil Monday, 05 June 2023 03:48 PM
මෙය කන වැකුනු සැනින් ඔල මොට්ටල ඇමතිය කරන්නෙ ගාස්තු තවත් ඉහල දමන එක.