(ඩයනා උදයංගනී)
කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා ඇති වී ඇති මාර්ග අවහිරතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
ඒ හේතුවෙන් අද (26) දින ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මෙය මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි පැනීම අතින් නම් අපේ දුම්රිය සේවය වාර්තා පිට වාර්තා තබනවා.
මේ පීලි පැනීම නම් දැන් හොයලා බලන්න වෙනවා. ලෝකෙ කොහෙවත් මේ විදිහට පීලිිපනින්නේ නෑ. මේකත් යටි ගේමක් විය හැකියි. රාජ්ය සේවකයින් කියන්නේ මරු බඩු තමයි.
දැන්නම් අන්තිම කැමැති පත්රය ලියලා තියලා තමයි කෝච්චියට ගොඩවෙන්න වෙන්නේ...!