
(යොහාන් භාසුර)
දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි දුම්රිය මාර්ග හා කර්මාන්ත දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් අද (23) පැවැත්වීය.
එහිදී දුම්රිය සේවකයෝ ‘ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීමට නොහැකි ගෝඨා - රනිල් ආණ්ඩුව පන්නමු’, ‘දුම්රිය නඩත්තු කිරීමට ප්‍රතිපාදන දෙනු’, ‘සේවක දීමනා කප්පාදුව නවතනු’ සහ ‘ජාතික සම්පත් විකිණීම නවතනු’ යන සටන් පාඨ සහිත පුවරු රැගෙන විරෝධතාවයේ නිරත වූහ.
දුම්රිය සේවකයන් විරෝධතාවයේ නිරතව සිටි ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකුත්ම එපා... පාඩුවට දුවන CGR එක පෞද්ගලික අංශයට බාරදෙන්න. එතකොට මෙයාලගේ කටවල් වැහෙයි. ලෝකේ ගොඩක් රටවල්වල ඕවා පුද්ගලික අංශයේ...!
ජයවේවා... මෙයාලත් ප්‍රශ්න තියෙනවා කියලා දැනිලා...
ජේවීපී හරක් රැළ අනින්නට පටන් ගෙන...