IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය සේවක යහ සාධක සංගමයේ විගණන වාර්තාව සාමාජිකයෝ ඉල්ලති

(යොහාන් භාසුර)

ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් පැවැත්වූ විගණනයේ වාර්තාව වාහාම ප්‍රසිද්ධ කරන ලෙස එම සංගමයේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.

එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනා නීති විරෝධීව ලබාගෙන ඇතැයි කියන දීමනා, කතරගම විශ්‍රාම ශාලාවේ සහ රත්මලාන ප්‍රධාන කාර්යාලයේ නව ඉදිකරීම් සහ අලුත්වැඩියා සඳහා වැය වූ මුදල් ආදිය පිළිබඳව සාමාජිකයන් කළ පැමිණිල්ලකට අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් අදාල අභ්‍යන්තර විගණනය පැවැත්වූ බවත් එහි සාමාජිකයෝ පවසති.

අදාල නිලධාරීන් සිවුදෙනා මූලික වැටුපෙන් තුනෙන් එකක් දීමනා ලෙස නීති විරෝධීව ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය හිමි පනතක් ඔස්සේ ස්ථාපිල කර ඇති ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ නිලධාරීන්ට එවැනි දීමනාවක් ගත නොහැකි බවත් සාමාජිකයෝ කියති.

අදාල නිලධාරීන් විමර්ශනය සඳහා සහභාගි වීමට ද සංගමයේ මුදල් ගෙන ඇතැයි දැනගන්නට තිබෙන බවත් කතරගම විශ්‍රාම ශාලාවේ ආදායම පසුගිය ජනවාරි මස සිට බැංකුගතකර නොමැති බවත් සාමාජිකයෝ වැඩි දුරටත් සඳහන් කරති. 



අදහස් (1)

දුම්රිය සේවක යහ සාධක සංගමයේ විගණන වාර්තාව සාමාජිකයෝ ඉල්ලති

බි.යම්.ටි.ඇයි.ප්‍රියදර්ශන Wednesday, 04 October 2023 11:31 AM

මෙම පුවත් නිවැරදියි ...මෙය පුවත්පතේ පළවෙන්නේ කවදාද මා එහි සාමාජිකයෙකි..මා මේ පිලිබද‌ දු.සා.තුමාට හා ප්‍රවාහන ලේකම්තුමාට ලියා ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site