දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඊයේ තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතාට ඊයේ (2) බාරදී ඇතැයි වාර්තා වේ.
රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් බලපෑම් කිරීම සාමාන්‍යාධිකාරිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා ඔය එන්නේ එළියට. දුම්රිය වැඩ වර්ජනයේ හේතුන් බිව්ව එකාව කොහොමත් වැඩට ගන්න එපා. මාෆියාවට ඉඩ දෙන්නම එපා .
වසල ඇමතියලට යට නොවී කොන්ද කෙලින් තියාගෙන වැඩ කල දිලන්ත මැතිඳුන්ට මගේ ආචාරය!
ඉතින් ඇත්තනේ. මත්පැන් පානය කරලා කොච්චි එලෙව්වට හැප්පෙන්නේ නැහැනේ අනිත් වාහන වගේ. සහයක රියදුරුටයි ගාර්ඩ් ටයි ඕනනම් නවත්තන්න පුළුවන්නේ.
කොන්දක් ඇති මිනිහෙක්.
මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් බලපෑම් කිරීමත් එක්ක හැමදාම තියන දුම්රිය වර්ජන නවත්ත ගන්න බැරිවීමත් අස්වීමට හේතු වෙන්න ඇති.
ලංකාව වගේ තුන්වෙනි පන්තියේ රටකට ආදර්ශයක් වගේම ජනාධිපති මේ සම්බන්දව කමිටුවක් පත් කරයි.
ප්‍රවාහන ඇමතිගේ අමාත්‍යංශයේ ලැජ්ජා නැති, රස්තියාදු කාරයන්ට ඔලුව පාත් නොකළ , හොඳ පිට කොන්දක් ඇති උගත් බුද්ධිමත්, අවංක නිලධාරියෙක් ලෙස මෙතුමා ඉතිහාසයට එක්වේවි.
පොල්ගහවෙලදීද බීවේ..?
දුම්රිය සේවකයනි, මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව වර්ජනයක් කරන්න. මගී අපගේ සම්පූර්ණ සහයෝගය ඔබලාට දෙනවා.
ඇමති තුමාගේ වේග පන්දුවක් ?
සිංහලයින්ගේ පමණක් නොව ද්‍රවිඩ අයගේ පවා සංස්කෘතික ලක්ෂණයක් ලෙස සැලකෙන බුලත්විට තහනම්කල රජය . ආයතන සංග්රහයේද තහනම්කල ක්‍රියාවක් සිදුකල එකෙකුට දඬුවම් කලාම එය ඉවත්කිරීමට බලකිරීම රාජ්‍ය සේවකයින් විනයාණුකූල නොවිය යුතුය කියන්නා වැනි දෙයකි.ආයතන සංග්‍රහයේ විධිවිධාන නොදන්නා එම අමාත්‍යාංශ බලධාරීන්ට දැඩිම දඬුවම් කල යුතුය
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු...
කොන්ද පණ තිබුණා නම් වර්ජන නවත්වන්න තිබුණා. මොහු GM වුණු පසු වර්ජන වාඩිවන බව අපි දුටුවා.
ශ්‍රී ලංකාවේ 78%ක්ම මත්ද්‍රව්‍ය, සුරාව පානය කරමින් රාජකාරි කිරීම සාමාන්‍ය දෙයක්.. අපි නිතර දකිනවා සමහර නිලධාරීන් කෑමට පෙරද එවැන්නක් පාවිචිචි කරනවා... ඒවාට නීති ක්‍රියාත්මක කරනවා නම් ලංකාවේ රැකියා ප්රශ්නය නිකම්ම විසඳෙනවා. (තේරුම් ගත හැකිද?) අැයි ඔය ඕනෑතරම් බස් රියදුරන් කොන්දොස්තරවරු කුඩු අරක්කු බීලා මිනිස්සුන්ට බැන බැන කට කැපෙන්න පටවාගෙන ඕනෑතරම් මුදල් සොයාගෙන බස් අයිතිකරුට 3500/=ක් බේරා රාත්‍රියට මදු විතින් සලිතවී ගෙදර නොයා මග සුන්දරී ගේ ගෙදර නවාතැන් ගන්නේ. මේවා බොරුද?