IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් අරඹයි

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (30) පස්වරු 4.30 සිට ප්‍රවේශපත් නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පස්වරුවේ පැවසීය.

ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ එම ගැටලුව සම්බන්ධයෙන් අද පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බවත් ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹීමට විධායක සභාව තීරණය කළ බවත් සෝමරත්න මහතා කීය. 



අදහස් (6)

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් අරඹයි

Nimal1 Wednesday, 30 October 2024 04:57 PM

මේ අයට කිසිම බුරුලක් දෙන්න එපා. තදින්ම හිටින්න. අහිංසක මගීන් දඩමීමා කරගැනීමට තිත තබන්න. දුම්රිය සේවය කාහටත් විවෘත සේවයක් කරන්න.

:       5       44

යෝගා Wednesday, 30 October 2024 05:16 PM

ජේවීපිය තමයි මේ ජරා වර්ජන සංස්කෘතිය ඇතිකරලා, වැඩි දියුණු කරලා මේ රටේ ආර්ථිකය කෑවේ. දැන් රිටර්න් එනවා...

:       35       37

විමුක්ති Wednesday, 30 October 2024 05:18 PM

මහජනයා නොමග යවන්න ආන්ඩුවෙන්ම කරන බොරුවක්. ප්‍රවාහන ඇමැතිගේ පවුද්ගලික ලේකම් කවද්ද මේවගේ ගැටළු විසඳන්න ගියේ...?

:       19       29

රම්බොඩ Wednesday, 30 October 2024 05:18 PM

තනිකරම පෞද්ගලික කාරණා නිසා වැඩ වරදිනවා. පඩි ගන්නවා. ⁣මාලිමාවට තේරෙයි දැන් ඉස්සර උඩ පැණ පැණ වැඩ වරපු රඟේ. දුම්රිය සේවකයින්ට නම් ජේ. ආර්. දුන්නු ටොෆිය තමයි දෙන්න ඕනෑ. නැත්නම් හදන්න බෑ...

:       14       38

ජගත් ලියනගේ Wednesday, 30 October 2024 05:52 PM

දුම්රිය ස්ථානාධිපතිවරුන් කරලා තියෙන ඔය වැඩ වර්ජනය හරිම අසාධාරණයි. තවම හරියට රජයක් වත් පිහිටුවලා නැහැ. තුන් දෙනෙක්ට තමයි ඔක්කෝම බර පැටවිලා තියෙන්නේ. තවත් දෙයක් කියන්න තියෙනවා. වැඩ වර්ජනයක් නෙවෙයි ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ. අකුරට වැඩ, අතිකාල වර්ජනය වගේ දේවල් කරලා තමයි වැඩ වර්ජනයක් කරන්න ඕනෑ.

:       8       25

ගමේ එකාලා Wednesday, 30 October 2024 06:06 PM

ජනතාව අපහසුතාවයට පත් කරන වැඩ... කිසිම දේකින් සෑහීමකට පත් නොවන අය...

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site