(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක කාලයකට සියලුම සේවාවලින් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද රාත්‍රී පැවසීය.
දුම්රිය ධාවනය පිළිබඳව මගී ජනතාව දැනුවත් කිරීමට පාලන අධිකාරිය අසමත්වීම මත ජනතාව පීඩනය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දිගින් දිගටම මුහුණ දීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කර සහ නියාමක සංගමය සමඟ පමණක් සාකච්ඡා කර දුම්රිය කීපයක් ධාවනය කිරීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් මෙම තීරණයට එළඹි බවත් අද රාත්‍රී ගමන් ආරම්භ කළ සියලුම දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කරන බවත් කසුන් චාමර මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd