(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය )
කොළඹ කොටුවේ සිටමඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වෙනි පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී අද (10) රාත්‍රී හතයි තිහට පමණ බිළිඳෙකු සොයාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි
නිල් පැහැති ප්ලාස්ටික් කූඩයක බහා බිලිදා වැසිකිළිය තුළ තබා ගොස් තිබිණ යැය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
වැසිකිළියට ගිය මගියකු මෙම බිලින්දා දැක ඒ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී ඇත
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පැමිණ මෙම බිළිඳු දරුවා ඔවුන්ගේ භාරයට ගෙන පසුව කොටුව පොලිසියට භාර දෙනු ලැබීය
මෙම දරුවා මාස එක හමාරක වයසේ පමණ පසුවන බව පෙනී යන්නේ යැයි එම නිලධාරියා කීය
පොලිස් භාරයට ගත් මෙම බිලින්දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ බව පොලිසිය පවසයි
මෙම බිලිදාවැසිකිළිය තුළ තබා ගිය අය ගැනසොයා ගැනීමට දුම්රිය ස්ථානයේ සවිකර ඇති සී සී ටීවී කැමරා පරික්ෂා කර ගෙන යන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය
කොටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රිය වැසිකිළියක මල් කැකුළක් දමා ගිහින්
බිලිඳා Saturday, 11 March 2023 08:18 AM
අනේ කමක් නෑ. දරුවා හදාගන්න බැරිනම් දරුවන්ට අනතුරු, කරදර, හිංසා නොකර මෙහෙම හරි කරන එක යම් තරමකින් සැනසෙන්න පුළුවන් දැන් දැන් අසන්නට ලැබෙන දේවල් ගැන හිතනකොට...
Bunny Preena Saturday, 11 March 2023 09:18 AM
වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම නිසා කිසිවක් නොදත් අහිංසක කිරිසප්පයින්ට වෙන දේවල් බොහෝම සෝචනීයයි..
රට වැසියා Saturday, 11 March 2023 11:13 AM
වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතාගනී. මහා බලයක් ඇතැයිද විශ්වාස කරයි. එහෙත් අත්‍යාවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වනවිට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනිතනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ...
ලක්මාල් Saturday, 11 March 2023 01:07 PM
ඔයා කියන්නේ මේ පොඩ්ඩා වැසිකිළියේ දාලා ගිහින් මහ එවුන් උද්ඝෝෂණ කෙරුවා කියලාද? ඒ මොන කතාවක්ද? මේක ධාවනය වීමට තිබුණු එකක්. දාල ගියපු කෙනා තමයි වරද කරලා තියෙන්නේ. ඉතින් උද්ඝෝෂණ කරපු මිනිස්සු මේකට සම්බන්ධයක් නෑනේ. තනි කෙනෙක් තමයි (දාලා ගියපු කෙනා තමයි) උසාවි කැඳවන්නේ.. අත්‍යාවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක කෙරුවත් නැතත් කව්රු වුණත් කරලා තියෙන්නේ අනවශ්‍ය වැඩක්...