(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුල බිළිදෙකු දමා පලාගොස් සිටියදි බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බිළිදා ගේ මවිපිය යුවළ අද (12) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනට් සිල්වා මහතා සැකකාර තරුණ මව්පිය යුවල මේ මස 15 වනදිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කළේය.
එදිනට සැකකාර යුවල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩබලන මහේස්ත්‍රාත් කෙනට් සිල්වා මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූයේ කොස්ලන්ද මීරියබැද්ද සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ පදිංචි යුවළකි.
මොවුන් දෙදෙනා කොළඹ දි දැන හදුනාගෙන ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් , පසුව පසුගිය මස 25 වන දින මැය බිළිදා බිහිකර ඇති බවත් පොලිසිය කීය .
අනතුරුව පසුගිය 10 වන දින රාත්‍රි මෙම යුවල බිළිදා රැගෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට පැමිණ එහි වේදීකාවේ නවතා තිබූ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය ට ගොඩවී එහි තෙවන පන්තියෙ මැදිරියක වැසිකිළි යක් තුල ප්ලාස්ටික් කූඩයක දමා බිළිදා තබා මෙම යුවල කොළඹ සිට බණ්ඩාරවෙල සහ කොස්ලන්ද නිවෙස්වලට පැමිණ තිබේ.
ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිසිය මගින් සැකකාර තරුණිය ත්, කොස්ලන්ද පොලිසිය මගින් සැකකාර තරුණයත් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ප්‍රශ්න දැන් සමාජ ප්‍රශ්නයක් වෙලා. අපි මේ ගැන සානුකම්පිතව මානුෂිකව බලන්න ඕනේ. මම සහ මගේ පවුලේ අය ලංකාවේ ළමා නිවාස දෙකකට දැනට වසර 20ක් තිස්සේ උදව් උපකාර කරනවා. මේ දරුවන් පාරවල්වල දමා ගොස් පරිවාස දෙපාර්තමේන්තුව භාරයේ ළමා නිවාසවල ඉන්න දරුවන්. මේ දරුවන්ගේ දෙමව්පියන් වුණත් මෙලෙස දරුවන් පාරවල්වල දමායන්නේ ඔවුන්ට තිබෙන ආර්ථික සාමාජ සහ මානසික ප්‍රශ්න නිසයි. මේවාට වෙන රටවල මෙන් ලංකාවේ රාජ්ය යාන්ත්‍රණයක් නැහැ. මෙවැනි දෙමව්පියන්ව පුනරුත්තාපනය කරන්න පිහිට වෙන්න කිසි ක්‍රමවේදයක් නැහැ. දෙමව්පියන් නැති බාලවයස්කාර දරුවෙක් තරුණියක් පැහැරගෙන ගියොත් දූෂණය වුණොත් සමහර වෙලාවට දූෂිත පොලිස් නිලධාරීන්ට කීයක් හරි දුන්නොත් සමහර අවස්ථාවලදී නැවත එම අපරාධකරුටම එම දරුවාව තරුණියව බාර දුන් අවස්ථා තියෙනවා. මම මේ කියන්නේ නඩු වාර්තා සාක්ෂි සමගයි. අපි මේවාට කතාකරන්න ගියොත් අපි NGO වල සල්ලිවලට කහින අය කියලා අවලාද කරනවා. දක්ෂ දරුවන්ට උදව් කරන්න ඕනෑතරම් අය සිටියත් අදක්ෂ ආබාධිත අසරණ විරූපී කියා සිතන දරුවන්ට අතදෙන්න කවුරුත් නැහැ.