
(යොහාන් භාසුර)
දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබාදීමට විරෝධ පළකරමින් දුම්රිය එංජින් රියදුරන් හදිසියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද පෙරවරුවේ මෙම වර්ජනය ආරම්භ කරන විට ඇතැම් දුම්රිය ගමනාන්තයට පැමිණ නොතිබුණි.
මෙම වැඩවර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය අතරමඟ නවාතා තැබීමෙන් ජනතාවට මඟ රස්තියාදු වීමට සිදුව ඇති බවට චෝදනා එල්ල වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තේ එකම එක විසඳුමකි. එය නම් දුම්රිය සේවය පෞද්ගලික කිරීමය. දශක කීපයක් තිස්සේ දුම්රිය මගින් මේ වැඩ වර්ජන නිසා දුක් විඳිනවා. ඉතා ඉහළ වැටුපක් ලබා ගන්නා දෙපාර්තමේන්තුවක්. අපිරිසිදු දුම්රිය මැදිරි. අපිරිසිදු වැසිකිළි සහ උඬගු සේවය... මගින්ට ගෞරව නොකරන, එහෙත් මගීන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වන මේ දුම්රිය සේවය වහා පුද්ගලීකරණය කරන්න...
දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමෙන් මේ ගොල්ලන්ට ඇති ප්‍රශ්නේ මොකක්ද? ඕන එකටයි, එපා එකටයි ඔක්කෝටම හොට දානවා. ඇයි මිනිස්සු අමාරුවේ දාන්නේ...?