
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති කීපයක් සහ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
දුම්රිය වෘත්තිය සමිති රැසක ප්‍රධානීන් ස්ථානාධිපති සංගමය සමඟ සාකච්ඡා කළ බවත් ආණ්ඩුව තව දුරටත් මර්දනය යොදාගන්නේ නම් සමස්ත දුම්රිය පද්ධතියම අකර්මණ්‍ය කිරීමට පසුබට නොවන බවත් එම නිලධාරියා කීය.
තැපැල් සහ අධ්‍යාපන යන සේවාවල ප්‍රධාන වෘත්තිය සමිති කීපයක නියෝජිතයන් ද සාකච්ඡා කළ බව කී එම නිලධාරියා පැවසුවේ දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වර්ජනයට සම්බන්ධ දුම්රිය සේවකයන්ට සහය දැක්වීමට එම වෘත්තිය සමිති සූදානම් බවත්ය.
දුම්රිය වර්ජනයෙන් මගී ජනතාව අපහසුතාවට පත්වීමේ වගකීම දුම්රිය බලධාරීන් සහ ආණ්ඩුව ගතයුතු බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපිද පාඩුව ගෙන්න ඕනෙ.
පුද්ගලික අංශයට දෙන්න බැරිනම් තියෙනෙ සේවය නිවැරදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිළධරීන් ගෙදරයවා කොන්ත්‍රත් පදනම මත යහපත් අවුරුදු 68ට අඩු විශ්‍රාමික නිළධාරීන් අවුරුදු කිහිපයකට බඳවා ගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැත්නම් පහල මට්ටම් වල යහපත් නිළධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න. මීලඟ දශකයේදී වත් යහපත් දුම්රිය සේවයක් ලැබෙයි. 80ව දශකයේ රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යනය කරන්න. අදහා ගතනොහැකි වෙනසකි! කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි.
තක්කඩි රෑනම එකතු වෙනවා රට වට්ටන්න. මෙදාපාර හරි පාඩමක් දුන්නොත් එන ඕනෑම රජයකට රට කරන්න පුළුවන් වෙයි...
මොනවා කරන්නද කොන්දක් නැති ආණ්ඩුවක් තිබෙන කොට... මේ වගේ කාලකන්නින්ට දැනෙන විදිහට උත්තර දෙන්න බැරි නම් ඒ ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ. මේ කරන්නේ තනිකරම බලුකමට... ඒ නිසා මොවුන්ට මිනිස්සු වටවෙලා ගොම ගහන්න ඕනෑ. ගෙවල් වලින් එළියට එන්න බැරි වෙන්න. ආණ්ඩුව දැනගන්න ඕනෑ මොවුන් ආයේ කොහොම ආවත් රැකියාව නොදී ඉන්න. මාසයක් පඩි නැතිවෙනකොට බල්ලෝ වගේ ඒවි...!
තැපෑල, අධ්‍යාපන, සෞඛ්‍යය, දුම් රිය, ලංගම. ඔය ආයතන කවදාවත් ලාභ ලබන ආයතන නෙවෙයි. හැම රජයෙන්ම ඔය ආයතන වාර්ෂිකව ලබන පාඩුව පියවන්න අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඒ වෙන් වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. පිටකොටුවේ මුට්ට කරගහන මනුස්සයෙක් කෝච්චියේ යන්න ටිකට් එකක් අරගෙන දුම් රිය දෙපාර්ථමේන්තුවට සල්ලි දෙනවා. වැඩ ඇරිලා ගෙදර යනගමන් කන්න ගන්න පරිප්පු 100ට වදින බදු මුදලිනුත් කොටසක් ආයි වර්ෂාවසානයේ දුම් රිය දෙපාර්ථමේන්තුවට යනවා. එහෙම තියෙද්දිත් ඒ මනුස්සයාට වෙලාවට වැඩට යන්න සහා වැඩ ඇරිලා නිදහසේ ගෙදර එන්න කෝච්චි නෑ. ස්ට්‍රයික්. මේ ආයතන සියල්ල පෞද්ගලීකරණය කරලා මිනිස්සුන්ගේ බදු අඩුකරන්න ඕනේ. එතකොට මිනිස්සු අතේ සල්ලි තියෙයි පෞද්ගලික අංශෙන් සේවාවන් ලබා ගන්න. පෞද්ගලික අංශවලිනුත් අඛණ්ඩ සේවාවක් ලබා දෙයි මිනිස්සුන්ගෙන් ගන්න මුදලට සරිලන්න.
මේ කාලකණ්ණි හදන්නේ ඔවුන්ට බලේ ගන්න බැරිවන නිසා ඇයි රට අස්ථාවර කරන්න, මේවාට උල්පන්දම් දෙන සෙට් එකට හොඳ ගුටි පූජාවක් දුන්නානම් හරි. තනිකරම කාලකණ්ණි..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙට්ටු දදා ඉන්නේ නැතුව පිනා ගෙදර ගියානම් වැඩේ ඉවරයි නේ ඉස්සරහට පැරදිලා ගෙදර යන ජනාධිපතිවරුන්ටයි පැනපු ජනාධිපතිවරුන්ටයි විශ්‍රාම ඇතුළු ජනාධිපති වරප්‍රසාද නැති කරන නීතියක් ගෙන්න ඕනෑ
මුලු ලංකාවේම රජයේ එවුන් වැඩ වර්ජනය කරලාත් කමක් නෑ. මුන් ඉල්ලන ඒවා දෙන්න එපා ... අපි අමාරුවෙන් හරි මේක විදගන්නම්