(යොහාන් භාසුර)
දුම්රිය වෘත්තීය සමිති කීපයක් ක්‍රියාත්මක වැඩවර්ජනය අත්හිටුවූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ අද (6) පස්වරුවේ පැවසූහ.
දුම්රිය නියාමකයන්, දුම්රිය ධාවනාගාර සේවකයන් සහ එන්ජින් රියදුරන්ගෙන් කොටසක් සේවයට පැමිණීම සඳහා ඉන්ධන ඉල්ලා දින දෙකක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු ප්‍රවාහන සහ දුම්රිය බලධාරීන් සහ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ඉන්ධන ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා පොරොන්දු වූ බවත් ඒ අනුව පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර උපරිම අයුරින් සේවය සැපයන බවට වෘත්තීය සමිති ප්‍රකාශ කළ බවත් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ කීහ.
ඒ අනුව දුම්රිය ධාවනය හෙට (7) සිට සමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd