(මහින්ද නිශ්ශංක)
ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (17) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් නොලැබුණු එම ප්‍රධාන ඉල්ලීම් දෙකට විසදුම් ලබාදීම සදහා ආණ්ඩුවට සතියක කාලයක් ලබා දෙන බවද පැවසූ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා එම කාලය තුළ සිය ඉල්ලීම්වලට ආණ්ඩුවෙත් විසදුම් නොලැබුණොත් අඛන්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බවත් පැවසීය.
ඊයේ(16) මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භ කළ වර්ජනය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමක් නොව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් දිනාගැනීමක් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීම එකම විසඳුමයි...
කොන්ද පණ තියෙන නියෝජ්‍ය ඇමැති කෙලින්ම කිව්වා මීටපෙර වර්ජන වැඩක් නොවුණු බවත් ආයෙත් කලත් ඔච්චරයි කියලා. ඔය අපූරුවට අකුලා ගත්තේ...
වර්ජනය කිරීමේ අයිතිය සාමාන්‍ය දෙයක් කල යුතුය