(සුමිත් පොතුපිටිය ) කළුතර උතුර ප්‍රදේශයේ අද (31) අලුයම දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා සෙබළකු මියගොස් තවත් සෙබළකු තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල ගුවන් හමුදා කදවුරේ රාජකාරි නියුතු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි සෙබළකු බවත් , බුත්තල ප්‍රදේශයේ පදිංචි සෙබළකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කීය. අලුයම 1.33 ට පමණ දුම්රිය කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර , වෑන් රථය මුහුදු වෙරළ දෙස සිට ගාලුපාර දෙසට දුම්රිය හරස්මග හරහා යොමු කිරීමේදී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි . තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර , එහිදී එක් සෙබළකු මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රිය - වෑන් අනතුරින් ගුවන් සෙබළා මරුට