(යොහාන් භාසුර)
දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (2) පස්වරුවේ දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනතාව නව වසරේ රාජකාරිවලට පැමිණෙන පළමු දිනය අද වීම නිසා සිටින සේවකයන් කාර්යන් කීපයක් කිරීමේ ප්‍රතිඵලයෙන් පෙරවරුවේ දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් අවලංගු කළ බවත් සේවකයන්ට පස්වරුවේ ද එවැනි ආකාරයට සේවය කිරීමේ හැකියාව ලැබේද යන්න සැක සහිත බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකයින් ඇතත්, නැතත් ඕක කවද්ද හරියට දිව්වේ...!
එක්කෙනෙකුට කරන්න පුළුවන් වැඩකට 10ක් ඉන්න විදිහට දේශපාලුවෝ කාලයක් තිස්සේ ඉඳලා ඔය දෙපාර්තමේන්තුව ඒ අයගේ මිනිස්සුන්ගෙන් පැක් කරලා අකාර්යක්ෂම කරලා තියෙන්නේ...
දැනට පවතින රෝස්ටර් ක්‍රම ඉතාමත් අකාර්යක්ෂමයි. ඒ නිසා මේ සියල්ල නැවත සලකා බලා නව ක්‍රමවේද හඳුන්වා දිය යුතුයි. සේවක හිඟයට වඩා තියෙන්නේ වෘත්තීය සමිති විසින් ගොඩ නගා ගත් අවිධිමත් ක්‍රමවේදයයි.
රියදුරාගේ බෑග් එක ගෙනියන්නත් සේවකයෙක් ඕනෑවුණු දෙපාර්තමේන්තුවක් ඕක... ඒ නිසා මුකුත් කියන්න අමාරුයි. සේවකයින් තමන්ට අදාලම වැඩේ වුණත් හරියටම කරන නිසා වෙන්න ඕනෑ. කිසිම පිරිසිදු කමක් නැතිව, ගෙනාපු දවසේ ඉඳලා වැස්සකට ඇරෙන්න සෝදන්නේ නැතුව, දුවන්නේ... කොහොමත් එක වැඩකට 10ක් විතර ඉන්නවා ඕකේ...