(යොහාන් භාසුර)
අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථකවීම නිසා දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) සිට වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා අද (29) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ඒ අනුව හෙට (30) දිනයේ දුම්රිය ධාවනය සියයට 90 කින් පමණ අඩපණ වනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
>>"දුම්රිය ධාවනය සියයට 90 කින් පමණ අඩපණ වනු ඇතැයි එම සංගමය වැඩිදුරටත්".. එම සංගමය රෙදි ඇඳගෙනද මේවා කියන්නේ.රාජ්‍ය සේවයේ පහත් කම
'අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ' ගනු ලබන්නේ එම උගත් මහත්තැන් වැඩ කරන පැය 8ත් O.T. ලෙසට ගසා අවුරුදු ගාණක් පරම්පරා අවුරුදු කෑමෙන් පසුවය . එම සේවය මුලුන්ම විකුණා දැමීය යුතුමය..
එම දුම්රිය කාපාලු සේවය මුලුන්ම විකුණා දැමීය යුතුමයි. එම විකුණා දැමීම කෙලෙස හෝ කළ යුතුමයි. එම විකුණා දමන සේවය කෙලෙස හෝ කළහොත් මෙම ජනපතිට මම නම් සදා ණයගැති වෙමි.
අතිකාල මොකද? පඩියට වැඩ කරන්න බැරිද? පින්පඩිකාරයින් එළවන්න රජයට කොන්දක් නෑ.