(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබෙන වැඩ වැඩවර්ජනය හේතුවෙන් අද පස්වරුව වන විට දුම්රිය ගමන් වාර 166 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වර්ජනය ආරම්භ කළ ඊයේ දිනයේ මගී දුම්රිය ගමන් වාර 48 ක් ද,  අද දින ධාවනය නියමිතව තිබු දුම්රිය ගමන් වාර 118 ක් අවලංගු කළ බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.