
(ෂේන් සෙනෙවිරත්න සහ පී ශාන්ත බණ්ඩාර)
මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගය නාය යාමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය සැලකිය යුතු කාලයකට අඩපණ විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර අද පස්වරු 3.00 මහනුවරින් පිටත් වූ නගරාන්තර දුම්රිය ඉහළ කෝට්ටේ ප්‍රදේශයේදී පීළි පැනීමකට ලක්ව ඇති අතර එහි ගමන් ගත් මගීන්ට ඔවුන්ගේ ගමනාන්ත කරා යාමට විකල්ප ගමන් පහසුකම් ලබා දී තිබේ.
එක් මගි පෙට්ටියක් සම්පූර්ණයෙන් පීළි පැනීමට ලක්ව ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
(ඡායා පී.ශාන්ත බණ්ඩාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ "සැප" දුම්රිය, "සැප" කාර්... හෙන ග්‍රාමීය භාෂාවක්නේ...