(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ අද (18) දින පුරා පැවැති දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර අද පස්වරුවේ ද දුම්රිය ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ අපහසුතාවට පත්ව සිටියහ.
වෙරළබඩ දුම්රිය මාර්ගයේ ඊයේ (17) දිනයේ ද දුම්රිය අවලංගු කිරීම් සහ ප්‍රමාද වීම් පැවතුණි.
දුම්රිය නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී එවැනි දුම්රිය අවලංගු කිරීමක් හෝ ප්‍රමාදයක් පිළිබඳව නොදන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයා අඩුගානෙ පත්තරේවත් කියවන්නෙ නැද්ද? හිටපු යහපාලන අධිපතිතුමානම් අඩුගානෙ පත්තර කියවල හරි දැනුවත් වුණා.
රේල් පාර හදලා වැඩක් නැහැ එකේ අපිට සැප වාහන වලින් යන්න බැහැ
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීම කලක සිට දිනපතා සිදුවීම නිසා කාරියාල සේවකයින් ඉතාම අපහසු තාවට පත්ව ඇත. එමෙන්ම දුම්රිය අවලංගු වීමද නිරන්තරයෙන් සිදුවේ. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යධිකාරී(ගමනාගමන) වෙත දැන්වීමට ඇමතීමට උත්සාහ කලද ඔහු දුරකථනය නොගන්නා අතර SMS කරන ලෙස SMS මගින් දැනුම්දේ. ගාල්ල මාතර බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කරන මගී ජනතාව ඉතාම පීඩාවට පත්ව ඇති පසුබිමක මෙම තත්වය නොදන්නා බව ප්‍රකාශ කිරීම ඔහු තවදුරටත් සාමාන්‍යාධිකාරී තනතුරෙහි නොතැබිය යුතුයි. එමෙන්ම මෙම අකාර්යක්ෂම දුම්රිය සේවය හැකි ඉක්මනින් ප්‍රද්ගලික කරණය හෝ ප්‍රතිව්‍යුහ ගත කරණය කල යුතුයි.