(තිලකරත්න දිසානායක)
කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ පා පුරුවේ ගමන්ගත් තවත් මගියෙක් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ තවත් දුම්රියක ගැටී ඇද වැටී තුවාල ලබා ඇතැයි බුළුගහගොඩ දුම්රිය ස්ථන නිලධාරියෙක් පැවැසීය.
කොළඹ සිට කුරුණෑගල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය බුළුගහගොඩ දුම්රිය ස්ථානයේ නතර කර තිබියදී රඹුක්කන දුම්රිය අනෙක් මාර්ගයේ එකම දිසාවට ධාවනය වූ රඹුක්කන දුම්රියේ ගමන් ගත් මගියකු කුරුණෑගල දුම්රිය ගැටීවැටී ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරු සුවසැරිය ගිලන් රථයෙන් රාගම රෝහලට රැගෙන ගොස් ඇත. තුවාල කොන්ද ප්‍රදේශයට තුවාල ලබා ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බරතපල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
--------------------------------------------------------------------------------------------------
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් මගියෙක් බුළුගහගොඩ උප දුම්රිය ස්ථානයදී අද පස්වරු 5.45 ට පමණ දුම්රියෙන් වැටි තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බව ද පොලිසිය වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd