(බණ්ඩාර තල්පත්වැව)

කොළඹ සිට මහව හන්දිය දක්වා ධාවනය කරන දුම්රියට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ සේවවක් පවත්වාගෙන යෑමට මහව ලංගම ඩිපෝව අද සිට ආරම්භ කළේය.

මහව සිට අනුරාධපුර වූ දුම්රිය මාර්ගයේ පිළිසකර කටයුතු හේතුවෙන් මාස හයකට එම මාර්ගය වසා තැබේ.

එම නිසා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ සියලු දුම්රියන්  කොළඹ කොටුවේ සිට මහව හන්දිය දක්වා ධාවනය කරවීම සිදු කරයි. 

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියවලට සමගාමීව අනුරාධපුරයේ සිට මහව දක්වා එම ලංගම බස් ධාවනය කටයුතු සිදු කරන බව ඩීපේ අධිකාරි නිමල් සේනාරත්න මහතා පැවැසීය. දැනට ලංගම බස් රථ 13 පමණ සේවයේ යොදවා ඇත.