(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගැනීමෙන් දුම්රිය අවලංගුවීම කිසිසේත්ම පාලනය කර නොහැකි බවත් දුම්රිය රියදුරු, නියාමක, කැබින්මන්, පයින්ටුකරු සහ දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය වෙනත් එකක් බවත් දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් ලබා නොදෙන බවත් දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරයි.