IMG-LOGO

දුම්රිය නිල වෙබ් අඩවියේ තොරතුරු පරණයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘නිල වෙබ් අඩවිය’ නිසි පරිදි යාවත්කාලීන නොකිරීම නිසා දුම්රිය ගමන්වාර තොරතුරු ඇතුළු සියලු සේවා සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගන්නා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට වෙනම කාර්ය මණ්ඩලයක් කටයුතු කරන බව කියන දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම නිල තොරතුරු එම වෙබ් අඩවියේ පළ කිරීම සහ එමඟින් කාර්යක්ෂම ලෙස මගී ජනතාව දැනුවත් කිරීම අරමුණ වුවත් එම අරමුණ මේ වන විට අමතක කර දමා ඇති බවට නිරීක්ෂණය වන බව ද සඳහන් කරයි.

මෙම වෙබ් අඩවියේ පළ කර ඇති දුම්රිය කාලසටහන නිවැරිදි ලෙස යථාවත් නොවීම ප්‍රධානම ගැටළුවක් යැයි කියන කසුන් චාමර මහතා සඳහන් කළේ දැනට එහි ඇති කාලසටහනේ දෝෂ ගණනාවකින් යුක්ත මෙන්ම කිසිඳු නව දුම්රිය ගමන්වාර සංශෝධනයක් එයට ඇතුළත්ව නැති බවත්ය.  

මෙම තත්වය පිළිබඳව බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද ඔවුන් තුළ ඇති ‘තාක්ෂණික භීතිය’ නිසා දෝ ඒ පිළිබඳ කිසිඳු අවධානයක් යොමු නොකරන බව ද වැඩි දුරටත් කීය.



අදහස් (2)

දුම්රිය නිල වෙබ් අඩවියේ තොරතුරු පරණයි

Prabha Monday, 03 October 2022 09:24 PM

වෙලාවට කෝච්චියක් දුවාගන්න බැරි මිනිස්සුන්ගෙන් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

:       0       0

Duminda Tuesday, 04 October 2022 05:30 AM

දුම්රියේ වැඩට තවත් කාලකන්නි 6,000ක් විතර මදි කියල නිව්ස් එකක් සතියකට කලින් දැක්කා. මේකෙන් පේනවා ඉන්න අයත් වැඩ කරන්නේ නැහැ කියල. තව බදවා ගන්නේ නැතිව මේක දැන්වත් විකුණලා දාන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 641 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site