
(මහින්ද නිශ්ශංක)
දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.
එම කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් දුම්රිය ධාවනය සදහා යොදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
දැනටමත් කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් අට දෙනෙකු දුම්රිය ධාවනයට යොදවා ඇති බවත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී පොල්වත්තගේ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනයේ යෙදී සිටිය සියලුම දුම්රිය රියදුරන් රැකියාවෙන් නෙරපා දැමිය යුතුයි සහ මින් ඉදිරියට ත් වර්ජන පවත්වා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බාධා ඇති කරන සියලුම වර්ජන කරුවන් ඉවත් කළ යුතුය.
සිංගප්පුරුවල දුම්රිය දුවන්නේ රියදුරු නැතුව.. අපි තවත් රියදුරු නැතිව පදවන එක ගැන හිතන්නේවත් නෑ