
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය.
පසුගිය වසර පහේදී එහි විගණන කළමනාකරණ කමිටු රැස්වී නැතැයි කමිටුව පවසයි .විගණන වාර්තා පාර්ලිමේන්තුවට භාරදීමේදීද ප්‍රමාදයක් පවතින බව කෝපා කමිටුවේදී තොරතුරු හෙළි විය.
2020 2021, 2022 වාර්තා දී ඇත්තේ 2023 වසරේදී බවද කෝපා කමිටුව පවසයි. මෙහිදී අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ මේ වසරේදී එම විගණන රැස්වීම් හතරම පවත්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත.
විගණනය පමණක් නොව, SLR හි සෑම දෙයක්ම (කළමනාකරණය, ක්‍රියාකාරිත්වය, නඩත්තුව, ඉදිකිරීම්, විනය, පාරිභෝගික සත්කාර, කාර්යක්ෂමතාව...) දුර්වල බව නිරීක්ෂණය විය.
ඔය වාර්ථාව පාර්ලිමේන්තුවට බාර දීමේ ප්‍රමාදය වගේම දුම්රියද ප්‍රමාද වී ධාවනය වීමද මහා අපරාධයක්...