(යොහාන් භාසුර)
ඉන්ධන වියදම සිවුගුණකින් ඉහළ යෑම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෛනිකව පාඩුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ ගොස් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
ඉන්ධන විදයම ඉහළ යෑමට සිපේක්‍ෂව දුම්රිය ගාස්තු සංශෝධනය නොවීම මෙයට හේතුව බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මීට පෙර රුපියල් කෝටියක් ඉන්ධන වියදම් දරද්දී දෛනික මගී ප්‍රවාහන ආදායම රුපියල් එකහමාරක් වූ බවත්ය.
වර්තමානයේ දෛනික ඉන්ධන වියදම රුපියල් කෝටි 4 ක් වෙද්දී රුපියල් කෝටි දෙකහමාරක පාඩුවක් ලබන බවත් මේ හේතුවෙන් ගාස්තු සංහෝධනයක් කඩිනමින් විය යුතු බවත් ජයසුන්දර මහතා කීය.
ඩීසල් මිල අවස්ථා කීපයකදී ඉහළ ගිය ද දුම්රිය ගාස්තු ඉහළ නොදැමීම නිසා පාඩුව වර්ධනය වී ඇති බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ බස් ගාස්තුවෙන් සියයට 70 ක පමණ දුම්රිය ඉහළ දැමුවහොත් දුම්රිය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකි බවත්ය.
දුම්රිය ගාස්තු සංශෝධනයක් නොකළ හොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාඩුව රුපියල් කෝටි 2000 ක් පමණ වියහැකි බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාස්තු වැඩි කිරිමෙන්ම විතරයි ඔකෙ පාඩුව නැති කරන්න පුලුවන්ද ? ඔය දෙපාර්තුමෙන්තුවෙ අකාර්යක්ශමතාවය අඩු කරන්නෙ නැතිව කොහොමත් පාඩුව නම් නැති කරන්න බැ. ඊට අමතරව සේවකයන් ප්‍රමාණය
ටිකට් මිල දෙගුණ කරන්න. මිල හොඳටම මදි බස්වලට සාපේක්ෂව.....
නැවට ප්‍රමාද ගාස්තු කෝටි දෙකයි. චීන පොහොර නැවට කීයක් ගෙව්වද? පාලකයෝ නැති අයාලේ යන රටක් වෙලා පුළුවන් තරම් හොරකම් කරලා පැත්තකට වෙලා ඉන්නවා.