(ඩයනා උදයංගනී)
දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දිනකට කෝටි 10කට වැඩි අධික අලාභයක් ලබමින් ඇති බවත්, 2021 වසරේ දී එහි ආදායම රුපියල් කෝටි 260ක් වූ අතර අලාභය රුපියල් කෝටි 3,700ක් වූ බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම වසරේදී රුපියල් කෝටි 260ක ආදායමක් ලබන විට සේවක වැටුප් හා වේතන ලෙස රුපියල් කෝටි 780ක් සහලා. අතිකාල දීමනා ලෙස කෝටි 230ක් ගෙවන්නට සිදුව ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීඅද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඉකුත් 2012 වසරේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් කෝටි 480 ක් බව කී ඇමතිවරයා එම වසරේ අලාභය කෝටි 3400ක් බව ද පැවසීය.
දීර්ඝ කාලයක් තිස්සේ වියදම් වැඩිවීමට සාපේක්‍ෂව ආදායම් නොලැබීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට විශ්මිත ප්‍රමාණයේ අලාභයක් සිදුව ඇතැයි කී ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට කෝටි 4,000ක පමණ අලාභයක් ලබන බව සඳහන් කළේය.
ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ඉහළ නංවා ඇතත් එය බස් ගාස්තුවලට සාපේක්‍ෂව සියයට 50කින් පමණ අඩු ගාස්තුවක් බවත්, දුම්රිය ස්ථානාධිපතිවරුන් එය අයකරන්නට බෑ කියමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම වරදක් බවත්, එදින වූ පාඩුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් තමාට ද දෝෂාරෝපණ එල්ල වූ බවත් පැවසීය.
ඉන්ධන මිල රුපියල් 121 සිට 400 දක්වා වැඩිවන විට සියලු ප්‍රවාහන ගාස්තු වැඩිවූ බව කී ඇමතිවරයා දුම්රිය ගාස්තු පමණක් වැඩි නොකර පවත්වාගෙන යා නොහැකි බවත්, ඉන්ධන ලබාගැනීමට මුදල් නොමැතිවුවහොත් සේවකයන් හිටියත් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වන බවත් කීවේය.
කැලණිය සිට කොල්ලුපිටියට දුම්රියෙන් යාමf පැවති ගාස්තුව රුපියල් 10ක් බව කී ඇමතිවරයා එය වැඩිවී ඇත්තේ 20 දක්වා බව ද කීවේය.
කොළඹ සිට යාපනයට කිලෝමීටර 420ක දුර යාමට බස් රථයකින් යාමට රුපියල් 1683ක් අය කරන අතර දුම්රිය ගාස්තුව රුපියල් 580ක් පමණක් බව ද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා යනතැන සේරම පාඩුයි. සුදු ළූණුවලින් පමණයි ලාභ ලැබුණේ...
එතකොට වනවාසල සිට මරදානට කීයද?
බන්දුල නේ කියන්නේ...!
මා දන්නා තරමට කවුරුවක්වත් නිකං යන්නේ නැහැ.
වනවාසල සිට කොටුවටම 40 යි. එතකොට කැළණියේ ඉඳලා කොල්ලුපිටියටම 20 ක් වෙන්නේ කොහොමද? මේ අර 2500/= ඇමැතියා නේද? ඔව් එයාගේ විදිහට හරි ඇති...
ඔයාලට මුට්ටි අල්ලපු නිසා දුම්රියට දාපු අතිරික්ත මුට්ටි කාරයින් ටික අයින් කරන්න. දුම්රියේ හොර OT ගන්න විදිය ප්‍රසිද්ධ රහසක් වුවත් ජවිපෙවත් ඒ ගැන කතා කරන්නේ නැත්තේ පක්ෂ ගැති, රටට ගැති නැති, සේවක සංගම්වල තියෙන කුහකකම නිසා දුම්රිය සේවකයින්ගේ අතිකාල ක්‍රමය වෙනස් කරන්න. අපේ බදුවලින් ඔවුන්ට හොරා කන්න දෙන්න එපා...
නියම උත්තරයක්... වරාය, රේගු, තෙල්, විදුලිය, ප්‍රවාහනය, සෞඛ්‍ය, අතිකාල වංචා නැති නොකර මේ රට ගොඩනගනවා බොරු...!
අපිට මේටිකත් කියන්නකෝ 1. කෝච්චි කීයක් දුවනවද 2. මගීන් කොච්චරක් යනවද 3. සේවකයෝ කීයක් ඉන්නවද 4. මොනවද තියන වියදම්. එතකොට හිතාගන්න පුළුවන් පාඩු වෙන්නේ කොහොමද කියල.
මේව පුද්ගලිකලීකරණය කරනකල් පාඩුම තමයි.