(යොහාන් භාසුර)
දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විරුද්ධ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්වයකට පත් කර ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ පරිපාලන දුර්වලතාවයන් බවත් අසාමාන්‍ය ලෙස අතිකාල ගෙවීම් මෙන්ම නීතිවිරෝධී ලෙස අතිකාල ගෙවීම් වැනි දුෂණ දෙපාර්තමේන්තුව තුළ ඇති බවත් ජයසේකර මහතා සඳහන් කරයි.
දුම්රිය සතු ඉඩම් බදුදීමේදී නිසි ආකාරයට බදු ලබානොදීම හා එම මුදල් අය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම ආදි හේතුන් මත දුම්රිය දෙපාර්තම්නේතුව වෙත උපයා ගත හැකි අදායම් මාර්ගයන් පිළිබඳව අවධානය යොමු නොකර මෙසේ දුම්රිය මගියා වෙත තවත් බර පැටවීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීම එම සංගමය අනුමත නොකරන බව ද කසුන් චාරම මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මොවුන්ගේ වැටුප් අඩු කරන්න. මොවුන්ගේ කතාව හරියට මේගොල්ලෝ ජනතාවගේ දුම්රිය ගාස්තු ගෙවනවා වගේ?
අති කාල කැපීම ට ඇතුලෙන් ම විරෝධය එනව නම් හොඳයි
ඕකෙ එවුන් කොච්චි දිව්වත් විරුද්ධයි. ගාන අඩු කළත් විරුද්ධයි. වැඩි කළත් විරුද්ධයි. වැඩ නොකර පඩිය ගන්නයි, ඕටි ගන්නයි නම් විරුද්ධ නැහැ. තියෙන ගානටවත් දුවන්නේ නැහැ. ගාන වැඩි කළා කියලා වෙනසක් නම් වෙන්නේ නැහැ. නමුත් ඉන්ධන ගාස්තු වැඩිවීම හමුවේ සියලුම වියදම වැඩි වෙන නිසා... ඒ වැඩි වන ප්‍රමාණය මේ විරුද්ධ වන කට්ටියගෙන් අයකරගමු. අඩුම ගානේ මගීන් වෙනුවෙන් එහෙම දෙයක්වත් කරන්න...
මේ අටමගල විකුණලා දැම්මාම ඔය හැමදේම එකවර සිද්ධවෙනවා. මේවා මේ රට විනාස කරන ආර්ථික මකරු.
මොනවා කලත් විරුද්ධ වන සේවකයින් ඉන්න ආයතනයක් . ඕකෙ සේවකයින් කාර්යක්ශමව වැඩ කරනවානම් ඕක ඔච්චර පාඩු ලබන්නෙත්, ඔච්චර සෙවකයින් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නෙත් නැ .ඒ සියල්ලම පැත්තකින් තියලා දැන් මගීන් ගැන හිතල කරන දෙයක් වෙන්න ඕනි.ඒක වෙන්න ඇති හිටි හැටියෙම වර්ජනයක් කලේ ඊයෙත්. අනේ ඉතින්., මේ වගේ පින් පඩි කාරයොන්ව අයින් කරල මේක පුද්ගලික කරලා (නිසි විදියකට ) දැම්මනම් තමයි හොඳම
ලාභ නොලබන ආයතන වලට ලබා දෙන අතිකාල, බෝනස් හා වෙනත් දීමණා අලාභය කපා හැරෙන තුරුම වාරණය කල යුතුය. ලාභ ලැබෙන විට එම ලාභයෙන් කිසියම් ප්‍රතිශතයක් පමණක් සේවකයන් වෙත බෙදා හැරීම සුදුසුය. තම ආයතනය පාඩු ලබමින් තිබියදීත් වැඩි වරප්‍රසාද අපේක්ෂා කරන්නවුන් එම ආයතනයට ආදරක් නැත්තවුන්ය. එවැන්න්ව ඉවත් කල යුතුමය.