(යොහාන් භාසුර)
සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් හෙට (2) දිනයේදී අවලංගු විය හැකි යැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (1) පැවසීය.
දුම්රිය සේවකයන් 500 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය දෙසැම්බර් 31 දින විශ්‍රාම ගැන්වීමෙන් ඇති වූ සේවක හිඟයෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් බලධාරීන් හැකි ඉක්මණින් මෙය විසඳුමක් දියයුතු බවත් සොමරත්න මහතා කීය.
සේවකයන් කොන්ත්‍රාත් පදනම මත නියමිත පරිදි සේවයේ පිහිටුවා නොමැති බව කී සෝමරත්න මහතා අනුමැතියකින් තොරව වසර එකහමාරක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයන් සිවුදෙනකුට ගෙවීම් නොකර සේවයෙන් ඉවත්කර ඇති බව ද සඳහන් කළේය.
දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගත්ත ද තනතුරු අනුමත කිරීම 2013 වසරෙන් ක්‍රියාත්මක කර නොමැති බවත් මෙම තනතුරු ප්‍රශ්නය හේතුවෙන් මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථාන ඉදිරියේ වසා දැමීමට සිදුවන බවත් සොමරත්න මහතා කීය.
දුම්රිය බලධාරීන් මෙම ගැටලුවලට විස්තර නොදෙන්නේ නම් ලබන 9 වැනිදා සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද සෝමරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අටමගල පුද්ගලිකලීකරණය කලානම් ,යස අගේට දුවයි.
බලධාරීන් කලට වෙලාවට සේවක සමීක්ෂණ නොකර අනවධානයෙන් අකාර්යක්ෂම කටයුතු කිරීමෙන් අනුන්ගේ වැරදි දුම්රිය මගීන්ට ගෙවීමට සිදුවෙලා කියලා කියන්න පුළුවන්
දුම්රිය දුවන්න බැරිනම් වහලම දාමු. ඒකත් පෞද්ගලික අංශයට දුන්න නම් නියම සේවයක් ගන්න පුලුවන් . වෘත්තිය සමිති දාගෙන වැඩ වරණ එකයි තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන එකයි හොර කමයි වංචාවයි ඇරෙන්න දෙපාර්තමේන්තුව දියුණු කරන්න කාටවත් වුවමනාවක් නෑ.හැම රාජ්‍ය ආයතනයක් ම එහෙමයි.
මෙට්‍රෝ වගේ පොඩි දුම්රියවලින් සමන්විත වෙනම දෙපාර්තමේන්තුවක් හදලා මගීන්ට සේවය දුන්න නම් මේ වගේ රටේ මුදල් කා දමන අමනයෝ ඉන්න දෙපාර්තු වලින් මහජනතාවට වෙන හානිය වළකා ගන්න පුළුවන්.