(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය හේතුවෙන් දුරගමන් සේවා දුම්රිය ගමන් වාර 11 ක් ඇතුළුව ගමන් වාර 40 කට ආසන්න සංඛ්‍යාවක් අද (10) දිනයේ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

● කොළඹ කොටුව සිට  බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

● බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

● කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

● ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

● කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

● මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

● මඩකලපුව බලා සවස  ධාවන වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

● පුත්තලම බලා ධාවනය වන කාර්යාල දුම්රිය