
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අවලංගු වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව පස්වරුව වන විට මීට වඩා වැඩිවියහැකි බවත් පිට පළාත්වල සිට කොළඹට ධාවනය නොකළ දුම්රිය නැවත පස්වරුවේ පිටපළාත් දක්වා පිටත්කර හැරීමේ හැකියාවක් නොමැති බවත් එම නිලධාරියා කීය.
වෙසක් නිවාඩුවෙන් පසුව මෙසේ දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා කර නොමැති බව කී එම නිලධාරියා රියදුරන් සේවයට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
හිටිහැටියේ දුම්රිය අවලංගු කිරීම නිසා කාර්යාල සේවකයන් ඇතුළුව දුම්රිය මගීන් අද දැඩි අපහසුතාවට පත්වූහ.
දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසුවේ දුම්රිය රියදුරන් සහ නියාමකයන්ගේ දැඩි හිඟය හේතුවෙන් වරින්වර මෙම ගැටලුව මතු වන බවත් මීට වසර දෙකකට පමණ පෙර මෙම ගැටලුවට විසඳුමක් ලෙස දුමිරිය රියදුරන්, නියාමකයන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා අනුප්‍රාප්තික සැලැස්මක් සකස් කළ ද එය ඉදිරියට ගෙන යෑමට දුම්රිය බලධාරීන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අසමත් වූ බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවයට AI හඳුන්වා දෙන්න කාලෙ හරි වෙන රටවල වගේ..
ඉන්දියාවෙන් දුම්රිය කට්ටල ආනයනය කරන වෙනුවට කල යුත්තේ, ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ආනයනය කිරීමයි... ලංකාවේ ඉන්න කාලකන්නි මිනිසුන්ව මැදපෙරදිග ඇතුළු පිටරටවලට පටවා, ඒ රටවලට බැලමෙහෙවරකම් කිරීමට ඉඩ සලස්වා, පිටරටින් වැඩකරන දක්ෂයින් මෙරටට ගෙන්වා මේ රට දියුණු කරනවා හැර, වෙන නම් විකල්පයක් පේන තෙක්මානයක නැහැ... මොවුන්ට මේකේ නිවාඩු ඕනෑවටත් වඩා ලැබිලා, සැප වැඩිවෙලා කාලකන්නිකමට, අලසව ජොලි කිරීමට තමයි බහුතරයක් ඇබ්බැහි වී සිටින්නේ...
අකාර්යක්ෂම පළපුරුද්දක් නැති ආණ්ඩු පත්වුනාම ඔහොම අර්බුද එනවා, වෙසක් නිවාඩුවට ගමේ ගියා බේකරි බාස්, කොත්තු බාස්, එත් මොන රටේද අත්‍යාවශය දුම්රිය සේවකයන්ට එහෙම නිවාඩු දීලා යවන්නේ? කවුද එහෙම නිවාඩු අනුමත කරපු එකා?
අවුරුදු 30ක ඉදලා දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කරන්න කියලා රටේ මිනිස්සු කියනවා පාසල් දරුවන්ට හැර රජය ආයතනවලට දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සහන පවා ඉවත් කරන්න.
මෙවැනි අයව සේවයෙන් පහකරන ක්‍රමයක් නැද්ද? හැම අවුරුද්දෙම මෙහෙම තමයි.