IMG-LOGO

දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

අවලංගු වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව පස්වරුව වන විට මීට වඩා වැඩිවියහැකි බවත් පිට පළාත්වල සිට කොළඹට ධාවනය නොකළ දුම්රිය නැවත පස්වරුවේ පිටපළාත් දක්වා පිටත්කර හැරීමේ හැකියාවක් නොමැති බවත් එම නිලධාරියා කීය.

වෙසක් නිවාඩුවෙන් පසුව මෙසේ දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා කර නොමැති බව කී එම නිලධාරියා රියදුරන් සේවයට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

හිටිහැටියේ දුම්රිය අවලංගු කිරීම නිසා කාර්යාල සේවකයන් ඇතුළුව දුම්රිය මගීන් අද දැඩි අපහසුතාවට පත්වූහ.

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසුවේ දුම්රිය රියදුරන් සහ නියාමකයන්ගේ දැඩි හිඟය හේතුවෙන් වරින්වර මෙම ගැටලුව මතු වන බවත් මීට වසර දෙකකට පමණ පෙර මෙම ගැටලුවට විසඳුමක් ලෙස දුමිරිය රියදුරන්, නියාමකයන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා අනුප්‍රාප්තික සැලැස්මක් සකස් කළ ද එය ඉදිරියට ගෙන යෑමට දුම්රිය බලධාරීන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අසමත් වූ බවත්ය.  



අදහස් (5)

දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි

nipuna Wednesday, 14 May 2025 03:29 PM

දුම්රිය සේවයට AI හඳුන්වා දෙන්න කාලෙ හරි වෙන රටවල වගේ..

:       4       9

බද්රානි Wednesday, 14 May 2025 03:49 PM

ඉන්දියාවෙන් දුම්රිය කට්ටල ආනයනය කරන වෙනුවට කල යුත්තේ, ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ආනයනය කිරීමයි... ලංකාවේ ඉන්න කාලකන්නි මිනිසුන්ව මැදපෙරදිග ඇතුළු පිටරටවලට පටවා, ඒ රටවලට බැලමෙහෙවරකම් කිරීමට ඉඩ සලස්වා, පිටරටින් වැඩකරන දක්ෂයින් මෙරටට ගෙන්වා මේ රට දියුණු කරනවා හැර, වෙන නම් විකල්පයක් පේන තෙක්මානයක නැහැ... මොවුන්ට මේකේ නිවාඩු ඕනෑවටත් වඩා ලැබිලා, සැප වැඩිවෙලා කාලකන්නිකමට, අලසව ජොලි කිරීමට තමයි බහුතරයක් ඇබ්බැහි වී සිටින්නේ...

:       1       11

ගුණරත්න Wednesday, 14 May 2025 04:13 PM

අකාර්යක්ෂම පළපුරුද්දක් නැති ආණ්ඩු පත්වුනාම ඔහොම අර්බුද එනවා, වෙසක් නිවාඩුවට ගමේ ගියා බේකරි බාස්, කොත්තු බාස්, එත් මොන රටේද අත්‍යාවශය දුම්රිය සේවකයන්ට එහෙම නිවාඩු දීලා යවන්නේ? කවුද එහෙම නිවාඩු අනුමත කරපු එකා?

:       0       2

nimal Wednesday, 14 May 2025 05:07 PM

අවුරුදු 30ක ඉදලා දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කරන්න කියලා රටේ මිනිස්සු කියනවා පාසල් දරුවන්ට හැර රජය ආයතනවලට දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සහන පවා ඉවත් කරන්න.

:       0       0

fairoos Wednesday, 14 May 2025 06:53 PM

මෙවැනි අයව සේවයෙන් පහකරන ක්‍රමයක් නැද්ද? හැම අවුරුද්දෙම මෙහෙම තමයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 80 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 252 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site