IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය ගමන් 123ක් හදිසියේ අවලංගු කරලා

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් පසුගිය දින 3 තුළ පමණක් මීට පෙර අවලංගු කළ දුම්රිය ගමන් වාර 30 ට අමතරව දුම්රිය ගමන් වාර 123 ක් අවලංගු කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඒ අනුව මස 28 වන දින මගී දුම්රිය 27 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 9 ද ඇතුලුව ගමන්වාර 36 ක් ද, 29 වැනිදා මගී දුම්රිය 29 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 15 ද ඇතුලුවගමන් වාර 44 ක් ද,  ඊයේ (30) මගී දුම්රිය 36 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 12 ක් ඇතුලුව ගමන් වාර 43 ක් අවලංගු කර ඇති බව ද වෘත්තිය සමිති පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම මස ආරම්භයේදී විවිධ හේතූන් මත සහ සේවක හිඟය පදනම් කර ගනිමින් දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු කිරීමට තීරණය කළ බවත් මේ හේතුවෙන් කාර්යාලය වෙත පැමිණෙන  මගී ජනතාව මෙන්ම දුම්රිය හරහා ගමන් පහසුව සලසවා ගන්න මගී ජනතාව දැඩි අපහාසුතාවයට පත්වන බවත් වෘත්තිය සමිති කියයි.



අදහස් (2)

දුම්රිය ගමන් 123ක් හදිසියේ අවලංගු කරලා

Sunil Tuesday, 31 January 2023 04:32 PM

දුම්රිය ගමන් වාර අවලංගු කොට සාමාන්‍ය මගීන් අපහසු කරනවාට අමතරව ඔඩිසි දුම්රිය දුවවන්නයි කතාව

:       1       8

බද්රානි Tuesday, 31 January 2023 09:34 PM

මේ රටේ සාමාන්‍ය මගී ජනතාව පීඩාවට පත් කරමින් පළි ගන්න එක තමයි දුම්රිය සේවකයින්ගේ පරම සතුට.. සිංහල ජාතියටම තියන රෝගයක් තමයි මේ, අනෙකාව පීඩාවට පත්කිරීමෙන් ලබන සතුට?? මොවුන් මේ ලබන කුරිරු සතුට මොකක්ද කියා මට නම් හිතා ගන්න බැහැ. වඳ වෙලා යන අමන ජාතියක පෙරනිමිති තමයි මේ.... "හිත්වල කෝ බන් ආදරේ"

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site