(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් පසුගිය දින 3 තුළ පමණක් මීට පෙර අවලංගු කළ දුම්රිය ගමන් වාර 30 ට අමතරව දුම්රිය ගමන් වාර 123 ක් අවලංගු කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
ඒ අනුව මස 28 වන දින මගී දුම්රිය 27 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 9 ද ඇතුලුව ගමන්වාර 36 ක් ද, 29 වැනිදා මගී දුම්රිය 29 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 15 ද ඇතුලුවගමන් වාර 44 ක් ද, ඊයේ (30) මගී දුම්රිය 36 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 12 ක් ඇතුලුව ගමන් වාර 43 ක් අවලංගු කර ඇති බව ද වෘත්තිය සමිති පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම මස ආරම්භයේදී විවිධ හේතූන් මත සහ සේවක හිඟය පදනම් කර ගනිමින් දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු කිරීමට තීරණය කළ බවත් මේ හේතුවෙන් කාර්යාලය වෙත පැමිණෙන මගී ජනතාව මෙන්ම දුම්රිය හරහා ගමන් පහසුව සලසවා ගන්න මගී ජනතාව දැඩි අපහාසුතාවයට පත්වන බවත් වෘත්තිය සමිති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ගමන් වාර අවලංගු කොට සාමාන්‍ය මගීන් අපහසු කරනවාට අමතරව ඔඩිසි දුම්රිය දුවවන්නයි කතාව
මේ රටේ සාමාන්‍ය මගී ජනතාව පීඩාවට පත් කරමින් පළි ගන්න එක තමයි දුම්රිය සේවකයින්ගේ පරම සතුට.. සිංහල ජාතියටම තියන රෝගයක් තමයි මේ, අනෙකාව පීඩාවට පත්කිරීමෙන් ලබන සතුට?? මොවුන් මේ ලබන කුරිරු සතුට මොකක්ද කියා මට නම් හිතා ගන්න බැහැ. වඳ වෙලා යන අමන ජාතියක පෙරනිමිති තමයි මේ.... "හිත්වල කෝ බන් ආදරේ"