(යොහාන් භාසුර)
දුම්රිය පිළිබඳ තොරතුරු විමසීමට සහ පැමිණිලි කිරීමට 1971 ක්ෂණික දුරකථන අංකයක් අනිද්දා (14) පෙරවරු 7.00 සිට පැය 24 පුරා ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
මෙම දුරකථනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දුම්රිය ධාවනය වේලාවන්, ආසන වෙන්කිරීම, ගාස්තු තොරතුරු, දුම්රිය ආරක්ෂක සේවය සහ දුම්රිය හරස් මාර්ග ගැටළු වාර්තා කිරීම ඇතුළු සියලුම පැමිණිළි ද මෙයට යොමුකළ හැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ අංකයට සතියකට පෙර පැමිණිල්ලක් කළානේ. දුම්රිය ස්ථානයේ මගී ජනතාව අපහසුතාවට පත්වන අයුරින් වැඩ කරන අය ගැන...!