IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රියේ ගැටී මවත් දියණියත් පුත්‍රයාත් මරුට

(යොහාන් භාසුර,ලලිත් නවරත්න සහ හිරාන් ප්‍රියංකර ජයසිහ)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ආරච්චිකට්ටුව සහ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථාන අතර මහයියාව හරස් මාර්ගයේදී යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එකම පවුලේ මව, දියණිය සහ පුත්‍රයා යන තිදෙනා එම ස්ථානයේදීම අද (19) මරණයට පත්වූහ.

ඔවුන් ගමන්ගත් යතුරුපැදිය පස්වරු 2.00 ට පමණ දුම්රියේ ගැටී ඇති බවත් දරුවන් දෙදෙනා අමතර පංතියකට ඇරළවීමට යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇති බවත් පොලිසිය පැවසීය.

එම අනතුරෙන් ආරච්චිකට්ටුව ගඩොල්කැලේ පදිංචි 41 හැවිරිදි ශාලිකා දිල්රුක්‍ෂි වන මව, නව හැවිරිදි සිතුමි සාවින්දි ජයලත් දියණිය සහ හත්හැවිරිදි සසන් මන්තුල ජයලත් පුතු මරණයට පත්ව ඇති බව කී පොලිසිය එම පවුලේ වැඩිමල් දියණියක් පමණක් ඉතිරිව සිටින බව ද පොලිසිය සඳහන් කළේය.  

මරණයට පත්වූ සිතුමි දියණිය 4 වැනි ශ්‍රේණියේ ද, සසන් පුතු 2 වැනි ශ්‍රේණියේ ද, හැළඹවටවන ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය අධ්‍යාපන ලබන බවත් ඔවුන්ගේ පියා එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බවත් පොලිසිය කීය.

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී ආරච්චිකට්ටුව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසුවේ දුම්රිය ධාවනය වුවද හරස් මාර්ගය වසා තිබී නොමැති බවත් එම අවස්ථාවේදී ගේට්ටු ක්‍රියාකරු නොසිටියේ යැයි දැනගන්නට ඇති බවත්ය.

යතුරුපැදිය ධාවනනය කළ මව අවදානයෙන් ධාවනය කළේ නම් අනතුර වළක්වාගැනීමට තිබූණේ යැයි සිද්ධිය දුටුවෝ පවසන බව ද කී පොලිස් නිලධාරියා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බව ද සදඟන් කළේය.



අදහස් (0)

දුම්රියේ ගැටී මවත් දියණියත් පුත්‍රයාත් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site