IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය ආසන ලක්ෂයක් විනාඩි 10 න් බුක් වෙයි

(යොහාන් භාසුර)

දුම්රිය ආසන ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් විනාඩි 10 ක පමණ කාලයකදී අන්තර්ජාලයෙන් වෙන්කිරීමට ජනතාව උත්සහ කිරීම නිසා කලින් ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය යළි සකස් කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

දෛනිකව පෙරවරු 10.00 ට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරගැනීමට විවෘත කළ පසු පෙරවරු 10.10 පමණ වන විට ආසන වෙන්කිරීම අවසන් වන බවත් ඒ අනුව ආසන වෙන්කරගැනීමට ලබාදී තිබූ දින 14 ක කාලය දින 30 ක් දක්වා ඉහළ දැමූ බවත් එම නිලධාරියා කීය.

කලින් වෙන්කරගත යුතු දුම්රිය ආසනවලින් සියයට 60 ක් අන්තර්ජාලයෙන් ද, සියයට 40 ක් දුම්රිය ස්ථානයෙන් ද, ලෙස මේ වන විට පවතින බවත් ඉන්ධන හිඟය සහ සෙසු ප්‍රවාහන මාධ්‍යවලට අධික වියදමක් දැරීමට සිදුවීමත් නිසා දුම්රියට මෙසේ දැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 



අදහස් (10)

දුම්රිය ආසන ලක්ෂයක් විනාඩි 10 න් බුක් වෙයි

sena Tuesday, 20 September 2022 10:20 AM

කොච්චර ටිකට් විකුණුනත් දෙපාර්තමේන්තුව පාඩුයිනේ.

:       0       70

Dissanayaka Tuesday, 20 September 2022 10:50 AM

මෙය මාෆියාවක් මිස නියම වෙන්කරවා ගැනීමක්මක් නොවේ. ඒ සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගත යුතුය.

:       1       92

johanTuesday, 20 September 2022 01:10 PM

මටත් හිතෙනවා මෙතන මොකක්හරි අවුලක් තියෙනවා කියලා... අයියලා ඇතුළෙන්ම ටිකක් සල්ලිවලට අරගෙන පස්සේ කලුකඩේට විකුණන්න යනවාද කොහේද?

:       0       0

pakeer Tuesday, 20 September 2022 11:02 AM

මුහුදු බඩ මාර්ගෙ නම් දැන් ඉතින් කපෝතී...හැමදාම පීලි පනිනව.....යන්නෙත් මාර හෙමින්...කොටුවෙ ඉදන් මොරටුවට යන්න පැය එකහමාරකට වඩා යනව....නියම සංවර්දනේ ...සුපිරි ආස්චර්ය....එ උනාට අහසෙ ගෑවෙන්න කුලුනු...මෙව සුපිරි රටවල් .

:       4       72

චන්දන Tuesday, 20 September 2022 12:24 PM

කලුතර පැත්තේ ඇමැතිවරයකු ප්‍රවාහන ඇමැති වෙලා මුහුදුබඩ මාර්ගය මාස ගණනක් වහලා අලුතෙන් ම හැදුවා. ප්‍රතිඵලය නම් මරු. මේ අපේ සල්ලි නේද? හෙන ගහනවා...!

:       0       0

TrueTuesday, 20 September 2022 06:58 PM

ඇයි තමුන් කෝච්චිය කියලා හිතාගෙන බිම බඩගාගෙනද යන්නේ...? නිකම් බොරු වාචාල නොකියා ඉන්න... කොටුවේ ඉඳන් මොරටුවට පැය එකහමාරක්ලු.. අනේ මේ වගේ මිනිස්සු.

:       4       0

jaya Tuesday, 20 September 2022 11:23 AM

පසුගිය වසරේම දුම්රිය ආදායම කෝටි 600. විනාඩි 10 ලක්ෂයක් ආසන වෙන් කර ගන්න යනවා නං එතනම කෝටි 10ක වත් ආදායමක් තියෙනවා. පද්ද්දතියක් අලුතෙන්ම හැදුවත් කෝටි 10ක් යන්නේ නෑ. අවුරුද්දකටම සේවා ගාස්තුත් ඒ වගේ ප්‍රමාණයක් තමා වෙන්නේ

:       0       64

Prabha Tuesday, 20 September 2022 12:18 PM

පද්ධතියට කලින් පීලි පනින්නේ නැතුව යන්න පුළුවන් විදියට පාරවල් ටික හදා ගන්න වෙයි.

:       0       1

විපරමා Tuesday, 20 September 2022 03:18 PM

කන්කසන්තුරේ, යාපනේ යන සූඛෝපභෝගී කියන දුම්රියවල තියෙන වැසිකිළි මොනතරම් අපිරිසිදුද? වතුර ගලනවා... විදේශිකයින් පවා පිළිකුළෙන් හැරිලා එනවා. ආදයම් ලැබෙනවා වගේම අනිකුත් අවශ්‍යතා ගැනත් සලකලා බැලුවොත් හොඳ නැද්ද?

:       0       1

comSisira Wednesday, 21 September 2022 06:19 AM

පරිගනක පද්දතිය වෙනස් කරන්න කෝටි කීයක් දුන්නාද කියල කල්පනා කරන මම

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site