(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවේ රේල් පීලි ඇතුළු අබලි යකඩ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ටෙන්ඩරයකින් ඩොලර්වලට අලෙවි කිරීමට තිරණය කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ අතර හිඟය පියවා ගැනීම සඳහා රේල්පීලි දස දහසක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අද කෝච්චි පීලි පනිනවා. රේල්පාරවල තියෙන්නෙ පැරැණි පීලි. කලින් හිටපු ලේකම්වරයා පීලි ටෙන්ඩරයක් අවලංගු කළා. පීලි හිඟයට එයත් හේතුවක්. අමතර කොටස් , තෙල් ප්‍රශ්න තිබියදීත් දෙපාර්තමේන්තුවේ කටයුතු මෙලෙසින් හෝ පවත්වාගෙන යාම ගැන කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත විය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම්, තවත් සුදු ළූණු ගනුදෙනුවක් වගේ නොවේවා...!
දකුණේ මුහුදුබඩ මාර්ගය පූර්ණ අලුත් වැඩියාවේදී ඉවත් කළ ටොන් ලක්ෂ ගණන් පීලිවලට මොකක්ද වුනේ?