
(අංජුල මහික වීරරත්න)
දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.
අද මධ්‍යම රාත්‍රියේ සිට මේ තීරණය ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කීය.
අදාළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද අමාත්‍යවරයා කීය.
දුම්රියෙන් ඇද වැටී පාසල් දරුවකු මිය යාම සම්බන්ධයෙන් මෙහි දී ශෝකය පළ කළ අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුව ඇරඹීමට පෙර ඒ වෙනුවෙන් විනාඩියක නිහඬ කාලයක් ද ආරක්ෂා කළේය.
මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින් මීට වගකිව යුතුයි.
හැමදාම ඒ අය ස්ට්‍රයික් කළාම මේක අත්‍යාවශ්‍ය සේවයක් කලා කියනවා... යැයි තමයි.
ඒ නිහඬ විනාඩියක කාලයේදී මොවුන්ට මොනවා මතක් වුණාද දන්නේ නැහැ. අපි නිසා නේද මේක වුණේ කියලා හිතුණද දන්නේ නැහැ... හදවත උණු වුණාද දන්නේ නෑ..? නැතිනම් ඊළඟ ඩීල් එකෙන්, කොමිස් එකෙන් ගන්න බද්ද ගැන මතක් වුණාද දන්නේ නෑ. මට හිතෙන්නේ දෙවැනි එක තමයි හිතෙන්න ඇත්තේ... මොකද උණුවෙන තරම් හදවතක් මේ අයට නෑ...