
(සුරංග රාජනායක)
දුම්රිය දෙපාර්තමේන්තුව සතු දෙමටගොඩ ධාවනාගාරයට ඇතුළු වූ සොරුන් තිදෙදෙනකු අහසට වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ කියයි. එක් හොරෙකු පැන ගොස් ඇත.
අක්කර 54 ක් වූ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට පිරිස් එහි ඇති විවිධ දෑ පැහැ ගැනීමට කාලයක් තිස්සේ පුරුදුව සිටින බව ආරක්ෂක අංශ කියයි.
ඒ ආකාරයට සොරුන් තිදෙනකු දුම්රිය ධාවනාගාරයට ඇතුළු ඇති බව දැනගැනීමෙන් පසු දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී එක් කොල්ලකරුවකු ආරක්ෂක නිලධාරියකු අත තිබූ ගිනි අවිය පැහැර ගැනීමට උත්සහා කර ඇත.
ඒ අවස්ථාවේ ආරක්ෂක අංශයේ සිටි සෙසු පිරිස අහසට වෙඩි තබා සැකකරුවන් දෙදෙනකු මෙල්ලකර අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිරිස ඩීසල් ,දුම්රිය අමතර කොටස් හා තඹ කම්බි ද සොරගෙන තිබූ බව ද දුම්රිය ආරක්ෂක අංශ කියයි.
පැය දෙකක් පමණ කාලයක් මෙම සොරුන් තිදෙනා මෙල්ල කිරීමට උත්සාහ කළ ද එක් අයකු පැනගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd