(යොහාන් භාසුර)
රජය අඩු ආදායම් ලාභී බහු කාර්ය සංවර්ධන සහයකයන් 3000 ක් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට පෙර එම දෙපාර්තමේන්තුවේ සේවය ස්ථිර නොමැති සේවකයන් 200 කට ආසන්න සංඛ්‍යාව ස්ථිර කළ යුතු බවත් එම සේවකයන්ගේ සේවය ස්ථිර නොකළ හොත් ඉදිරි දින තුන තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවත් රත්මලාන දුම්රිය සේවා වෘත්තීය සමිති එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් එම්. ජී. එන්. තුෂාර මහතා පැවසීය.
එම සේවකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 10 කට අධික සංඛ්‍යාවක් සේවය කළ පුද්ගලයන් බව කී තුෂාර මහතා එම සේවකයන් පිළිබඳව අවස්ථා රැසකදී දුම්රිය පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කළ ද ඵලක් නොවූ බව ද සඳහන් කළේය.
අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන්ට පත්වීම් දීම සම්බන්ධයෙන් එම වෘත්තිය සමිතිය කිසිඳු විරෝධයක් නොමැති වුවද ඊට පෙර දෙපාර්තමේන්තුවේ සේවය කළ අයට ප්‍රමුඛතාව දියයුතු යැයි ස්ථාවරයේ සිටින බවත් එම සේවකයන්ගේ සේවය ස්ථිර නොකිරීම විශාල අසාධාරණයක් බවත් තුෂාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දිනයේ රෝහල් වල සුලු සේවකයින් වර්ජනයක් කලා කියලා අහන්න ලැබුනා. එතැනත් මූලික වුනා කියන්නෙ ඔය කියන බහුකාර්‍ය සහායකයින් කියලා අහන්න ලැබුනා. ඔවුන් තුන්දාහක් ගත්තොත් දුම්රියක් දුවයිද කියලා හිතන්න අමාරුයි.