(යොහාන් භාසුර)
රජය අඩු ආදායම් ලාභී බහු කාර්ය සංවර්ධන සහයකයන් 3000 ක් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට පෙර එම දෙපාර්තමේන්තුවේ සේවය ස්ථිර නොමැති සේවකයන් 200 කට ආසන්න සංඛ්‍යාව ස්ථිර කළ යුතු බවත් එම සේවකයන්ගේ සේවය ස්ථිර නොකළ හොත් ඉදිරි දින තුන තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවත් රත්මලාන දුම්රිය සේවා වෘත්තීය සමිති එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් එම්. ජී. එන්. තුෂාර මහතා පැවසීය.
එම සේවකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 10 කට අධික සංඛ්‍යාවක් සේවය කළ පුද්ගලයන් බව කී තුෂාර මහතා එම සේවකයන් පිළිබඳව අවස්ථා රැසකදී දුම්රිය පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කළ ද ඵලක් නොවූ බව ද සඳහන් කළේය.
අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන්ට පත්වීම් දීම සම්බන්ධයෙන් එම වෘත්තිය සමිතිය කිසිඳු විරෝධයක් නොමැති වුවද ඊට පෙර දෙපාර්තමේන්තුවේ සේවය කළ අයට ප්‍රමුඛතාව දියයුතු යැයි ස්ථාවරයේ සිටින බවත් එම සේවකයන්ගේ සේවය ස්ථිර නොකිරීම විශාල අසාධාරණයක් බවත් තුෂාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දුම්රියේ 200කට ස්ථිර ලිපි ඉල්ලයි
ජයන්ත Monday, 09 January 2023 05:40 PM
අද දිනයේ රෝහල් වල සුලු සේවකයින් වර්ජනයක් කලා කියලා අහන්න ලැබුනා. එතැනත් මූලික වුනා කියන්නෙ ඔය කියන බහුකාර්‍ය සහායකයින් කියලා අහන්න ලැබුනා. ඔවුන් තුන්දාහක් ගත්තොත් දුම්රියක් දුවයිද කියලා හිතන්න අමාරුයි.