(විමුක්ති එස් රුද්‍රිගු)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.
දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කරමින් ලබාදී ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
දුමින්ද සිල්වාට ජනපති සමාව ලබාදීමෙන් අගතියට පත් පාර්ශවය ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරුමඩුල්ල හමුවේ සලකා බැලූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනේද මිනීමරුවන් සමග සිටිනා ලස්සන.මේ මිනීමරුවන්ව නැවතත් කූරු ගණන් කරන්න දමන්න
ජය වේවා .නීතියට යටින් දුන්නු නියෝග වලට වැඩිකල් පවතින්න බෑ
අසේවනාච බාලානම් ,පණ්ඩිතානන්ච සේවනා .දුමින්ද ට උන දේ .අද හොඳ මිනිසුන් ආශ්‍රය කළා නම් මෙහෙම වෙන්නේ නැහැ දුමින්ද
අධිකරණයට ගරු කරනව මේ තීරණය ගැන.දුමින්ද කියන්නෙ මිනීමරුවෙක් විතරක් නෙවෙයි. මැරයෙක් සහ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ අයෙක් බව දැනගෙනත් මේ රටේ පාලකයො ඌව ආරක්ශා කලා
ජනාධිපති පදවියට පත් වුණත් රටේ ව්‍යවස්ථාපිත නීතිය කුමක්ද කියා අධ්‍යයනයක් නො කර සහෝදර හරි හෙංචචයිලාගෙ හරි ඕන එපාකම් වලට වැඩ කරන්න ගිහිල්ල නාගත්තු මඩක තරම?
රටේ අදිධිකරණයට මාගේ උත්තමාචාරය. අදිධිකරණය රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නව කියල දැන් මිනිස්සු දන්නව.
කට්ටිය වැඩිය කෑ ගහන්න එපා. චන්දේ ඉවර වුනු හැටියේ නිදහස් වෙනවා.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කරමින්.." මේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නියෝග තීන්දු තීරණ ගත්ත අයට විරුද්ධව මොනවද ගන්න ක්‍රියාමාර්ග ?
රාජපක්ෂලාගේ නඩු තීන්දු නිෂ්ප්‍රභා කල ගරු මහේස්ත්‍රාත් තුමාට රටේ පුරවැසි ප්‍රණාමය
මේක අධිකරණයත් විධායකයත් අතර ගැටුමකට හේතු වන තීන්දුවක්. මේ තීන්දුව යුක්තිය ඉටු වීමක් වුවත් අනාගතයේ නීතියේ ක්‍රියාත්මක වීම පිලිබඳව බරපතල ගැටලුවක් ඇති කරවීමට හේතුවක් වනු ඇත. එනිසා විධායකයත් අධිකරණයත් ගැටුම් ඇති නොවන ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනොත් ඊලඟ සිරියාව, ලිබියාව, ඉරාකය හෝ යුක්‍රේනය බවට ලංකාව පත් වනු ඇත. එනිසා යුක්තිය පිලිබඳව අධිකරණය හා විධායකය යන දෙකම ඉතාමත් බුද්ධිමත්ව හා දුරදක්නා නුවනින් යුතුව හා යුක්තිගරුකව ක්‍රියාත්මක වීම අනිවාර්ය වේ.
ඊලඟ පියවරට යමු. තීන්දුව දුන්නට මිනිහට ඳඩුවම් දෙමු.
හොරුන්ගේ, දූෂිතයන්ගේ හා මිනීමරුවන්ගේ කාලය අවසාන වේගෙන එන බව තමයි මේ පේන්නේ. රටේ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට ක්‍රියාත්මක කරන යුගය අතළඟ බව පෙනෙනවා..
විධායක බලතල තියෙන්නේ රටට යහපත් දේවල් කරන්න මිසක් තමන්ට ඕනෑ විදිහට මිනීමරුවන් ආරක්ෂා කරගන්න නෙවෙයි.
රටේ අධිකරණය උත්තරීතරයි. ජනතාව ඒ ගැන විශ්වාස කරනවා... ගරුකරනවා.
පව්කාරයින්ට කවදාවත් ගැලවීමක් නැහැ. පොහොට්ටුවත් මේ පවුවලට කරගහලා... ඒකත් දියවෙලාම ගියා...
විරුවාගේ මොළේ තරම කියන්නේ ඒකවත් හරියට කරගන්න බැරිවුණා. අනිත් හැම වැඩක්ම වාගේ…
බලය, මිලමුදල් තිබුණා කියලා පුරවැසියකුට වැඩි අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ... නීතිය හමුවේ එක සමානයි. දේශපාලන නායකයන්ටත් හොඳ පාඩම්... මේවා මෝඩ වැඩ... මින් ඉදිරියටවත් නොකරන්න.
විරුවා මරුවා සමග වාසේ.!
අධිකරණයට ජයවේවා...!
විරුවා කරපු එක හොඳක් නෑ...
මන්නාරම් තෙල් නිධි මතුවීම.. ලසන්ත ඝාතකයින් සෙවීම.. තාජුඩීන්ගේ ඝාතකයින් සෙවීම... මහ බැංකු හොරු ඇල්ලීම.. වගේ .. ඡන්දෙ කාලෙට මතක් වෙන ලිස්ට් එකට අලුතින්ම එකතු වුණු එක...
යක්ෂයාගේ හෝරාව උදා වී ඇත පාලන බලය හොර නඩයෙන් සාමාන්‍ය ජනතාව අතට පත් වෙන එක වලක්වන්න සියලුම උත්සාහ ය න් යොදනු ඇත. මෙහි ඇති ජනතාවාදී අදහස් වලට අකමැත්ත ප්‍රකාශ කර ඇති ආකාරයෙන් එය දිස් වේ.