IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’දුමින්දගේ නිදහස අභියෝගයට ලක් කරන්න බෑ’’

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නියෝගයක් බැවින් ඊට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කළ නොහැකි බව දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර සිල්වා මහතා පැවසුවේය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම බල රහිත කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් මහත්ම මහත්මීන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විභාගය එළඹෙන 30 වැනිදා පැවැත්වීමට නියමිතය.



අදහස් (1)

’’දුමින්දගේ නිදහස අභියෝගයට ලක් කරන්න බෑ’’

Krishan Monday, 20 March 2023 08:46 PM

ඔය විදියට අභියෝග කලොත් රන්ජන් රාමනායක එස්බි දිසානායක සරත් ෆොන්සේකා වගෙම නත්තලට අවුරුදු වෙසක් ආදියටත් සිරගෙවල් වලින් පොදු සමාව යටතේ නිදහස දෙන අයටත් එරෙහිව ඔවුන්ගේ එදිරිවාදින් ඔය විදියට අධිකරණයට ගියොත් කවදාවත් ජනාධිපති සමාව දෙන්න බැරිවෙනවා පිස්සු කෙලින හිරුණිකයි අම්මයි මානවහිමිකම් ගැන නොදන්නා පොරයි කියන එවාට නඩු විභාග කරන්න ගියොත් ඔය විදියට ජනාධිපති සමාව තිබිලා වැඩක් නැහැ ගෝණවල සුනිල් සොත්ති උපාලිලා ජනාධිපති සමාව දුන් ඉතිහාසයේ සජිත්ගේ පියාණෝ ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site