IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුමින්ද - ලසන්ත - අමරවීර ඉවත් කළාට ශ්‍රීලනිපට අතුරු තහනමක්

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය.

ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් නිසි විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව තමන් තනතුරු වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනීතික සහ අත්තනෝමතික ක්‍රියා කර ඇතැයි පෙන්වා දෙමින් පෙත්සම්කරුවන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව අප්‍රේල් 08 දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් පෙත්සම් යළි කැඳවන අප්‍රේල් 08 වැනිදා විරෝධතා දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කළ දිසා විනිසුරුවරයා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි ද වගඋත්තරකරුවන් වෙත යැවීමටද නියම කළේය.

දුමින්ද දිසානයාක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජේ්‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහියංගන ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධණ නමැත්තන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගිය මාර්තු 30 වැනිදා පක්ෂයේ විධායක සභාව රැස්වී තමන් පක්‍ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සඳහන් කරන එම පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජේ්‍යෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහත්වරුන් පක්ෂයේ විධායක සභාව ගත් එම තීරණය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් තමන් තනතුරු වලින් ඉවත් කිරීමට පක්‍ෂය කටුයතු කිරීම හේතූවෙන් තමන්ගේ කීර්ති නාමයන්ට හානි කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අනීතික සහ අත්තනෝමතික ආකාරයෙන් තමන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙමම පෙත්සම ලබන 08 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කුවේරා ද සොයිසා, චන්දක ජයසුන්දර මහත්වරු පෙනී සිටියහ. 



අදහස් (1)

දුමින්ද - ලසන්ත - අමරවීර ඉවත් කළාට ශ්‍රීලනිපට අතුරු තහනමක්

B Amarasinghe Tuesday, 02 April 2024 06:01 AM

අයින් කරන්න ඕනෙම නම් ජාතික සමුළුවක් කැඳවලා වැඩි ඡන්දෙන් අළුත් නිළධාරි මණ්ඩලයක් පත් කලා නම් ඉවරනේ. එතකොට උසාවි යන්න පුළුවන් අවස්ථා අඩු වෙනවා. අනික මේ වගේ අව්ස්ථාවාදින් දන්නවා මෛත්‍රිලයි මුන් කට්ටියයි මේ උන්ගේ දේශපාලනේ අවසන් කාලසීමාව කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site